Thursday, July 2, 2020

මහා වාස්‌තු අනුව ඔබට හිමි ඉඩම තෝරා ගන්නේ මෙහෙමයි




මහා වාස්‌තු ශිල්පීය සිද්ධාන්ත වලට එකඟව ඔබට හිමි ජය බිම තෝරා ගන්නා පිළිවෙල ඔබට නිවැරදිව සහ පිළිවෙලට කියා දෙන්නම්. මෙහිදී ඔබ විසින් ඉතා සූක්‍ෂමව හා නිවැරදිව ඔබගේ ජය භූමිය තෝරා ගැනීමට දක්‍ෂ විය යුතුයි. වාස්‌තු ශිල්පය තුළින් සිදුකරනු ලබන්නේ ඔබට ඊට අවැසි ශිල්පීය මග පෙන්වීම සිදුකිරීම පමණයි. කර්ම ශක්‌තිය අනුව විශ්ව ශක්‌තියේ පිහිට පිළිසරණ ලබා ගැනීමට සෑම පුද්ගලයකුටම හැකියාවක්‌ පවතින බව වාස්‌තු ශිල්පය තුළ පෙන්වාදී ඇත්තේ එබැවිනි. ඔබගේ සම්පත් ගෘහය ඉදිකිරීමට අවැසි ඉඩම තෝරා ගන්න අවශ්‍ය මූලික වාස්‌තු සිද්ධාන්ත හා වත්පිළිවෙත් තුළින් ඔබගේ කර්ම ශක්‌තියට අවැසි විශ්ව ශක්‌තිය බලවත් කර ගන්න. සමහර කෙනකුට තමන්ගේ පරම්පරාවෙන් ඉඩම් කැබැල්ලක්‌ හිමිවන අතර තවත් කෙනෙක්‌ මුදල් දී ඉඩම් හිමිකරනු ලබයි. පරම්පරාවෙන් ඔබට ඉඩමක්‌ හිමිවුවද මුදල් දී ඔබ ඉඩම් කැබැල්ලක්‌ මිලදී ගත්ත ද එම භූමියට විශ්ව ශක්‌තිය කාන්දු කොට එය ඔබට බලගැන්වීම කළයුතු වෙනවා. එවිට එම ඉඩමේ හැඩතලවල හා බෑවූමේ දෝෂ පැවතිය ද ඒවායේ දෝෂ බලවත් නොවන පරිදි ගෘහයක්‌ සෑදීමේ හැකියාව වාස්‌තු ශිල්පය තුළ පවතිනවා. එසේ වුවද ඔබ සෑම විටම මූලික සිද්ධාන්තවලට ගැලපෙන ලෙස භූමිය තෝරාගත හැකි විටකදී එය සිදුකිරීම වැදගත් වෙනවා.

ඉඩමේ හැඩය

පළමුකොටම කිව යුතු වෙනවා ඉඩමක හැඩය පිළිබඳව වැඩි සැලකිල්ලක්‌ දැක්‌විය යුත්තේ පර්චස්‌ 40 කට අඩු ඉඩම් මිලදී ගැනීමේදී පමණයි.

ඉතා යහපත් හැඩතල

ඉහතින් පෙන්වාදී ඇති හැඩතල අනුව ඉඩම්වල යහපත් සහ අයහපත් බවට වර්ගීකරණයක්‌ දක්‌වා තිබුණ ද එම වර්ගීකරණය අදාළ වන්නේ පර්චස්‌ 40කට අඩු ඉඩම් වලට බව මතක තබා ගත යුතු අතර වැරදි හැඩතලයක්‌ සහිත ඉඩමක වුවද එහි දෝෂය බලවත් නොවන ලෙස නිවාසයක්‌ ඉදිකිරීමේදී වාස්‌තු ශිල්පීය ක්‍රමවේදයන් පවතින බව ද මතක තබා ගන්න. මෙහිදී විශේෂයෙන් ඉඩමේ වැරදි හැඩයට අනුපාත නොවන ලෙස ඔබගේ නිවාස සැලැස්‌ම සකස්‌ කර ගැනීමෙන් ඉඩමේ හැඩයේ පවතින දෝෂයන් බලවත් නොවේ.

ඉඩමේ බෑවුම

ඔබ ඉඩමක්‌ මිලදී ගැනීමේදී ඉඩමේ යහපත් හැඩය පිළිබඳව සැලකිලිමත් වූ පසුව එම ඉඩමේ බෑවුම පිළිබඳව අවධානය යොමු කරමු.

යහපත් අනතියන්

අයහපත් දිශාවන්

බෑවුම පිළිබඳව ඔබ අවධානය යොමු කිරීමේදී ඒ හා බැඳුණු මහා වාස්‌තු ශිල්පය සිද්ධාන්තයන් පිළිබඳව ද දැනුවත් විය යුතුයි. භූමියක බෑවුම පිළිබඳව අවධානය යොමු කිරීමේදී සූර්ය ශක්‌තිය සහ විශ්ව ශක්‌තිය එම ඉඩමට උරාගැනීමේ බලවත්කම අනුව බෑවුමක යහපත් සහ අයහපත් බව තීරණය කරනු ලැබේ. මෙහිදී අංශක 15 කට වැඩි බෑවුම උදෙසා මෙම න්‍යායන් යොදා ගැනීම ඉතාමත් ප්‍රායෝගික වේ.

ඉඩමේ දිශාව

ඔබගේ ඉඩම තෝරා ගැනීමේදී එම ඉඩමේ දිශාවන් පිළිබඳව නිශ්චිතව හඳුනා ගැනීම වැදගත් වෙනවා. ඉඩමේ මුහුණත අනුව ඉඩමේ දිශාව තීරණය වන අතර ඉඩමේ මුහුණත් තීරණය වන්නේ එම ඉඩමට යෙදී ඇති ප්‍රවේශ මාර්ගය අනුව වේ.

ඉඩමට ප්‍රවේශ මාර්ගය යෙදීමේ ක්‍රම යෙදයි

සමහර ඉඩම්වල වෙනස්‌ කළ නොහැකි සාධක පවතිනවා. ඒවා අතර හැඩය, බෑවුම සහ ප්‍රවේශ මාර්ගය වැදගත් වෙනවා. එම කරුණු අතදීන් ඉතාමත්ම වැදගත් සාධකයක්‌ ලෙස ඉඩමට යෙදී ඇති ප්‍රවේශ මාර්ගය පෙන්වා දිය හැකියි. ඔබ තෝරා ගන්නා ඉඩමට නිරිත දිශාවෙන් හෝ ඊශාන දිශාවෙන් ප්‍රවේශ මාර්ගය යෙදී නොමැති නම් එම ඉඩම ඉතා යහපත් වන අතර නිරිත සහ ඊශාන ප්‍රවේශ මාර්ග සහිත ඉඩම් දෝෂ බලවත් කිරීමට උපකාර වේ. එවැනි විටකදී ඔබගේ ගෘහයේ වාස්‌තු සිද්ධාන්ත බලවත් කිරීමෙන් ප්‍රවේශ දෝෂ ඉවත් කළ හැකි වේ.

ප්‍රවේශ දෝෂ ඉවත් කිරීම

ඔබට ඇති එකම ඉඩමට ප්‍රවේශය යෙදී ඇත්තේ ඊශාන හෝ නිරිත දිසාවේ නම් ඔබ ඔබගේ ගෘහයේ වාස්‌තු සිද්ධාන්ත වඩාත් බලවත් කළ යුතු වේ. එහිදී ඊශාන දිශාව සහ නිරිත දිශාව ඉතාමත් පිරිසිදුව පවත්වා ගත යුතු අතර ගෘහයේ මංගල ද්වාරය කිසිම විටක නිරිත දිශාවේ නොතැබිය යුතු අතර ඊශාන ප්‍රවේශයක්‌ ඇත්නම් ප්‍රවේශය අසළ දේව වෘක්‍ෂ කොහොඹ පැලයක්‌ සිටුවන්න. නිරිත ප්‍රවේශයක්‌ ඇත්නම් ශ්‍රියා ඵල ඛෙලි ශාඛයක්‌ සිටුවන්න. මීට අමතරව සුදු සඳුන් පැළයක්‌ සිටුවීම ද ඉතා යහපත් වනු ඇත. මීටත් අමතරව කිසිම විටක ප්‍රවේශයේ යෙදෙන ප්‍රවේශ ගේට්‌ටුව සඳහා කළු වර්ණය සහ ත්‍රි ෂූල් සහිත සිරස්‌ උල් සහිත හැඩතල නොයෙදිය යුතු අතර සෑම විටම ඔබගේ ගේට්‌ටුව තමන්ගේ ඉඩම තුළට විවෘත වන ලෙස හෝ පැත්තකට තල්ලූකරන ලෙස යෙදීම කළ යුතුයි.

No comments:

Post a Comment

ඉඩමක් ගන්න කලින් මේ ගැනත් සිතන්න නිවසකට කිරි උතුරනවා වගේ හරියන්න ඉඩමේ හැඩයත් බලපානවාද?

ස්තු විද්‍යාව විද්‍යාත්මක විෂයක් ලෙසින් ප්‍රචලිතව ජනතාව වැලඳගෙන සිටියද, එය බොහෝ දෙනා ජීවිතයට අත්වැලක් කර ගැනීමේදී බොහෝ අඩුපාඩු සහිතව ඒවා ජ...