Land Sale Sri Lanka
Thursday, July 2, 2020
ඉඩමක් ගන්න කලින් මේ ගැනත් සිතන්න නිවසකට කිරි උතුරනවා වගේ හරියන්න ඉඩමේ හැඩයත් බලපානවාද?
ස්තු විද්‍යාව විද්‍යාත්මක විෂයක් ලෙසින් ප්‍රචලිතව ජනතාව වැලඳගෙන සිටියද, එය බොහෝ දෙනා ජීවිතයට අත්වැලක් කර ගැනීමේදී බොහෝ අඩුපාඩු සහිතව ඒවා ජීවිතයට බද්ධ කොට ගෙන තිබේ.
මන්ද, වාස්තු විද්‍යාව පමණක්ම මත පිහිටා කටයුතු සිදු කර ගත් අය පසුකාලීනව ගැටලුකාරි අවස්ථාවන්ට මුහුණ දී ඇති අවස්ථා මා අපමණ හඳුනාගෙන තිබේ. එනිසා වාස්තු විද්‍යාව මත ගොඩනැගෙන සංකල්ප අපගේ ජීවිතයට ආදේශ කර ගැනීමේදී, ඡ්‍යොතිෂය සමඟ සහසම්බන්ධ වෙමින් ඡ්‍යොතිෂ්‍ය වාස්තු විද්‍යාව යන අංග සම්පූර්ණ විෂය ධාරාව මත පිහිටා කටයුතු කිරීමෙන් දහසකුත් පල නෙළා ගත හැකිවීම සුවිශේෂ බව පළමුව දත යුතුය.
කෙසේ නමුත් ඡ්‍යොතිෂ්‍ය වාස්තු විද්‍යාවේදී ප්‍රමුඛතම කාර්යය වන්නේ භූමියේ ශුභ අශුභතා ප්‍රථමයෙන් පරීක්ෂාවයි. ඕනෑම අයෙකුට ජීවත්වීමට නිවසක් සෑදීමට, ව්‍යාපාර ස්ථානයක් ගොඩනැගීමට ආදී ඕනෑම කටයුත්තක් පවත්වාගෙන යාමට නියමිත භූමි ප්‍රමාණයක් අවශ්‍යයය. මූලාශ්‍ර වාස්තු විද්‍යා පොත්වල ඉඩමේ හැඩය අනුව මෙම ශුභ අශුභ පෙන්වා දී ඇතත්, වර්තමානයේ ශුභ හැඩයේ ඉඩම්, නැතිනම් භූමිභාග සොයා ගැනීම ඉතා අපහසු කාර්යයක් වුවද, ඡ්‍යොතිෂය හා වාස්තු විද්‍යා කරුණු මත පිහිටා ශුභ පල දෙන භූමි භාගයක් සොයා ගැනීම කාගේත් වගකීම වන්නේය.
එසේ නොමැතිනම් ගෘහය හෝ ගොඩනැගිල්ල ඉදිකිරීමට අපේක්ෂිත භුමි කොටස පමණක් වත් ශුභ පල ගෙන දෙන ආකාරයට වෙනස් කොට සකසා ගැනීමටත්, අශුභ අවම කර ගැනීමටත් වග බලා ගත යුතුය. නැතහොත් පසුකාලීනව ගොඩනැගෙන අශුභ දෘෂ්ඨීන්ට මුහුණ දීමට ඔබට අසීරු වනවා සේම, විකල්ප සෙවීමද ලෙහෙසි නොවන බැවිනි. එනිසා ඔබගේ අවශ්‍යතාවය මත ගොඩනැගෙන ගොඩනැගිල්ලේ භූමිභාගය පහත ආකාරයෙන් ශුභ අශුභ තත්වයන් ගෙන දෙනු බව සිහි තබා ගත යුතුය.
බොහෝ අශුභ හැඩයේ ඉඩම්වල ජීවත්වන ජන්මීන් මාගේ අත්දැකීම අනුව බොහෝ කරදර විපත්වලට ගොදුරු වනු ඇත. සමහරුන් නම් එවැනි ඉඩම්වල ජීවත්වනු ලබන්නේ ද ඉතා කෙටි කාල සීමාවක් පමණි. කුමන හෝ කාරණාවක් නිසාවෙන් ස්ථාන හැරදා යාම සිදුවේ. නැතිනම් එවැනි ඉඩම් නිරායාසයෙන්ම පාළු ස්වභාවයෙන් යුක්ත වනු ඇත. ජන්මීන්ට අත්වී ඇති අශුභතා පරීක්ෂාවන්හිදී ස්ථිර වශයෙන්ම හේතුකාරක වශයෙන් මෙම තත්වයද ප්‍රබලව අත්විඳිනු ඇත. එනිසා දැන දැනම නිකරුණේ අමාරුවේ වැටෙනවාට වඩා මෙවන් තත්වයක් සහිත නම් ඔබත් ඉන් මිදීමට සහ දෝෂ භංග කර ගැනීමට නිසි පියවර ගන්න. ඔබට තුන්රුවනේ ආශිර්වාදය ලැබේවා!
ඡ්‍යොතිෂවේදී
වාස්තු විද්‍යාවේදී
හස්ත රේඛා ශාස්ත්‍රඥ
භාරත භාෂ්කර ශිරෝමණී /
ඡ්‍යොතිෂය පරම හංස)
කේ.පී. ක්‍රිශාන්ත
පි‍්‍රයදර්ශන සුරවීර
ඉඩමක් මිලදී ගන්න, ගෙයක් ඉදිකරන්න කලින් මේවාත් සිතන්න
ඔබත් ඔබේම කියලා කැදැල්ලක් ගැන සිහින මවනවා නේද? ඒත් ඒක සිහිනයක්ම නොවී යථාර්ථයක් කරගන්නේ කොහොමද කියලා කියන්න හදන්නේ.
අත මිට සරු වුණත් ඉඩමක් මිලදී අරගෙන ගෙයක් හදන්න යනකොට මතු වෙන ගැටලු බොහෝයි. ඔන්න අද අපි සූදානම් වෙන්නේ ඒ ගැටලු විසඳා ගන්න ඔබට අත්වැලක් වෙන්න. හා හා පුරා කියලා ඔබ ඉඩමක් මිලදී අරගන්න ඉන්නේ කියලා හිතමුකො. දැන් බලන්න ඕන එම ඉඩම පිහිටලා තියෙන ඉඩම පිහිටි භූමිය, අවට වටපිටාව පිළිබදවම පමණක් අවධානය යොමු කරලා හරියන්නේ නැහැ.
සමහර ඉඩම් තැනිතලා, බෑවුම් හෝ කඳු වශයෙන් වුණත් තියෙනවා. අන්න එතකොට ඔබේ නිවහන ආරක්‍ෂාකාරී ලෙසින් සාදා නිමවා ගන්නේ කෙසේ ද කියා ඔබට අදහසක් ගන්න පුළුවන්. උස් බිම් වලින් නාය යෑම් ද, බෑවුම් නම් ගං වතුර ආදිය ඇතිවේද කියා සැලකිලිමත් වීමට අවස්ථාව ලැබෙනවා.
ඔබේ නිවෙස ඉදිකරන්නේ සීමිත ඉඩක නිසා සුන්දරව නිමාවට මෙවැනි බාධක ඇති නොවිය යුතුයි. ඒ නිසා කලින් දැනුම්වත් වීම හොඳයි. අනෙක් වැදගත්ම කරුණ තමයි යටිතල පහසුකම්. ඒ අතරින් ජලය ඉතාම වැදගත්. ඔබේ නිවසට ජලය ලබා ගන්නේ නළ පහසුකම් වලින්ද නැතිනම් ළිං භාවිතයෙන් ද කියා තීරණය ගැනීමට ඔබට සිදුවේවි. ළිං ජලය ලබා ගන්නේ නම් ළිඳ කැපීමට සුදුසු ස්ථානයක් සළකුණු කරන්නට ද ඕන. ඊට ප‍්‍රථම ජල ප‍්‍රවාහනය පිළිබඳ අසල්වාසීන්ගෙන් විමසීම ද යහපත්. ළිඳක් කැපීමට ප‍්‍රථම පස් වල ස්වභාවය, සරවත් පොළවක් ද කියා අවධානය යොමු කිරීම වැදගත්.
අනෙක තමයි පාරේ ගලා යන වතුර නිවාසය පිහිටි භූමියට ගලා එන්නේ ද කියා සැලකිලිමත් වීම ගැන අවධානයෙන් සිටීම හොඳයි. නිවාස භූමිය පාර මට්ටමට වඩා ඉහළින් තිබීම හොඳයි. එවිට වැසි ජලය එකවර භූමියට නොපැමිණෙන නිසා වැසි කාලයට වුවත් නිවෙස යට වීමේ අවදානම මදක් හෝ අඩු වෙනවා. එසේ නැතිනම් මාර්ගය මදක් උස් කර තැනීම හොඳයි.
නිවෙසක වටිනාකම වැඩිවීමට හා සුරක්‍ෂිතභාවයට නිරවුල් ඔප්පුවක් තිබීමත් වැදගත්. ඉඩමක් මිලදී ගැනීමට පෙර ප‍්‍රදේශයට අදාළ ප‍්‍රාදේශීය සභා කාර්යාලයෙන් තහවුරු කර ගැනීම වැදගත්. නිරවුල් ඔප්පුවක් නම් බැංකු ණය ලබා ගැනීමට පවා පුළුවනි.
එපමණක් නොවෙයි ඉදි කරන නිවස තට්ටු 3කට වඩා උස්ව ඉදිකරන්නේ නම් ගිනි නිවන ඒකකයේ අවසරය ලබා ගන්න ඕන. ඉඩමක නිරවුල් භාවය තහවුරු කර ගැනීමට නීතීඥවරයෙකුගේ සහය ලබා ගැනීම යහපත්. නිවසෙහි වටිනාකම වැඩිවෙන්න පිවිසුම් මාර්ගය වැදගත්. නිවසෙහි පිවිසුම් මාර්ගය සඳහා අවම ලෙසට අඩි 10ක් ලබා දිය යුතුයි. මාර්ගයේ පළලින් අඩි 30ක් පමණ වටප‍්‍රමාණයක් තිබෙන සේ වාහන හැරවීමට ඉඩක් ලබා දිය යුතු බව නීතියේ සඳහන්ය.
ඉඩමක සම්පූර්ණ ප‍්‍රමාණයෙන් 66.32% ඉඩක නිවස තැනිය යුතුයි. ඉතිරි භූමි ප‍්‍රමාණය ගෙවත්ත සඳහා යොදා ගන්නට හැකියාව තිබෙනවා. නිවසෙහි ඇතුලතට නිසි වාතාශ‍්‍රයක් ලැබීමටත් එය ඉවහල් වෙනවා. තනි තට්ටුවක නිවසක ආලෝකය ලැබීමේ රේඛාවක් නීතියට අනුව සම්මතව පැවතෙනවා. තට්ටු දෙකක නිවසක් නම් උඩ තට්ටුව අඩි 10ක් පමණ විය යුතුයි.
නාන කාමරය, වැසිකිළිය හා සාලය සඳහා අඩි 7ක හෝ උසක් තිබෙන්නට ඕන. තනි තට්ටුවක සිවිලිම අඩි 9කට වඩා උසින් අඩු නම් සැලැස්ම අනුමත කරන්නේ නැහැ. මෙවැනි මිනුම් නීතිය හරහා සම්මත කර ඇත්තේ ද මනුෂ්‍ය ආරක්‍ෂාව උදෙසා ය.
ඉහත කරුණු කෙරෙහි ඔබ නිරන්තර අවධානය යොමු කරන්නේ නම් සුන්දර නිවසක සිහිනය යථාර්ථයක් බවට පත් කර ගැනිම පහසු වනු ඇත.
අත මිට සරු වුණත් ඉඩමක් මිලදී අරගෙන ගෙයක් හදන්න යනකොට මතු වෙන ගැටලු බොහෝයි. ඔන්න අද අපි සූදානම් වෙන්නේ ඒ ගැටලු විසඳා ගන්න ඔබට අත්වැලක් වෙන්න. හා හා පුරා කියලා ඔබ ඉඩමක් මිලදී අරගන්න ඉන්නේ කියලා හිතමුකො. දැන් බලන්න ඕන එම ඉඩම පිහිටලා තියෙන ඉඩම පිහිටි භූමිය, අවට වටපිටාව පිළිබදවම පමණක් අවධානය යොමු කරලා හරියන්නේ නැහැ.
සමහර ඉඩම් තැනිතලා, බෑවුම් හෝ කඳු වශයෙන් වුණත් තියෙනවා. අන්න එතකොට ඔබේ නිවහන ආරක්‍ෂාකාරී ලෙසින් සාදා නිමවා ගන්නේ කෙසේ ද කියා ඔබට අදහසක් ගන්න පුළුවන්. උස් බිම් වලින් නාය යෑම් ද, බෑවුම් නම් ගං වතුර ආදිය ඇතිවේද කියා සැලකිලිමත් වීමට අවස්ථාව ලැබෙනවා.
ඔබේ නිවෙස ඉදිකරන්නේ සීමිත ඉඩක නිසා සුන්දරව නිමාවට මෙවැනි බාධක ඇති නොවිය යුතුයි. ඒ නිසා කලින් දැනුම්වත් වීම හොඳයි. අනෙක් වැදගත්ම කරුණ තමයි යටිතල පහසුකම්. ඒ අතරින් ජලය ඉතාම වැදගත්. ඔබේ නිවසට ජලය ලබා ගන්නේ නළ පහසුකම් වලින්ද නැතිනම් ළිං භාවිතයෙන් ද කියා තීරණය ගැනීමට ඔබට සිදුවේවි. ළිං ජලය ලබා ගන්නේ නම් ළිඳ කැපීමට සුදුසු ස්ථානයක් සළකුණු කරන්නට ද ඕන. ඊට ප‍්‍රථම ජල ප‍්‍රවාහනය පිළිබඳ අසල්වාසීන්ගෙන් විමසීම ද යහපත්. ළිඳක් කැපීමට ප‍්‍රථම පස් වල ස්වභාවය, සරවත් පොළවක් ද කියා අවධානය යොමු කිරීම වැදගත්.
අනෙක තමයි පාරේ ගලා යන වතුර නිවාසය පිහිටි භූමියට ගලා එන්නේ ද කියා සැලකිලිමත් වීම ගැන අවධානයෙන් සිටීම හොඳයි. නිවාස භූමිය පාර මට්ටමට වඩා ඉහළින් තිබීම හොඳයි. එවිට වැසි ජලය එකවර භූමියට නොපැමිණෙන නිසා වැසි කාලයට වුවත් නිවෙස යට වීමේ අවදානම මදක් හෝ අඩු වෙනවා. එසේ නැතිනම් මාර්ගය මදක් උස් කර තැනීම හොඳයි.
නිවෙසක වටිනාකම වැඩිවීමට හා සුරක්‍ෂිතභාවයට නිරවුල් ඔප්පුවක් තිබීමත් වැදගත්. ඉඩමක් මිලදී ගැනීමට පෙර ප‍්‍රදේශයට අදාළ ප‍්‍රාදේශීය සභා කාර්යාලයෙන් තහවුරු කර ගැනීම වැදගත්. නිරවුල් ඔප්පුවක් නම් බැංකු ණය ලබා ගැනීමට පවා පුළුවනි.
එපමණක් නොවෙයි ඉදි කරන නිවස තට්ටු 3කට වඩා උස්ව ඉදිකරන්නේ නම් ගිනි නිවන ඒකකයේ අවසරය ලබා ගන්න ඕන. ඉඩමක නිරවුල් භාවය තහවුරු කර ගැනීමට නීතීඥවරයෙකුගේ සහය ලබා ගැනීම යහපත්. නිවසෙහි වටිනාකම වැඩිවෙන්න පිවිසුම් මාර්ගය වැදගත්. නිවසෙහි පිවිසුම් මාර්ගය සඳහා අවම ලෙසට අඩි 10ක් ලබා දිය යුතුයි. මාර්ගයේ පළලින් අඩි 30ක් පමණ වටප‍්‍රමාණයක් තිබෙන සේ වාහන හැරවීමට ඉඩක් ලබා දිය යුතු බව නීතියේ සඳහන්ය.
ඉඩමක සම්පූර්ණ ප‍්‍රමාණයෙන් 66.32% ඉඩක නිවස තැනිය යුතුයි. ඉතිරි භූමි ප‍්‍රමාණය ගෙවත්ත සඳහා යොදා ගන්නට හැකියාව තිබෙනවා. නිවසෙහි ඇතුලතට නිසි වාතාශ‍්‍රයක් ලැබීමටත් එය ඉවහල් වෙනවා. තනි තට්ටුවක නිවසක ආලෝකය ලැබීමේ රේඛාවක් නීතියට අනුව සම්මතව පැවතෙනවා. තට්ටු දෙකක නිවසක් නම් උඩ තට්ටුව අඩි 10ක් පමණ විය යුතුයි.
නාන කාමරය, වැසිකිළිය හා සාලය සඳහා අඩි 7ක හෝ උසක් තිබෙන්නට ඕන. තනි තට්ටුවක සිවිලිම අඩි 9කට වඩා උසින් අඩු නම් සැලැස්ම අනුමත කරන්නේ නැහැ. මෙවැනි මිනුම් නීතිය හරහා සම්මත කර ඇත්තේ ද මනුෂ්‍ය ආරක්‍ෂාව උදෙසා ය.
ඉහත කරුණු කෙරෙහි ඔබ නිරන්තර අවධානය යොමු කරන්නේ නම් සුන්දර නිවසක සිහිනය යථාර්ථයක් බවට පත් කර ගැනිම පහසු වනු ඇත.
බෙදුම් නඩු නීතිය
ජ්‍යෙෂ්ඨ නීතිඥ මහින්ද ලොකුගේ
අප සමාජයේ හවුල් ඉඩම් භුක්ති විදිමට ගොස් ගැටලු රාශියකට මුහුණපා ඇති අවස්ථා බොහෝය. හවුල් දේපල විකිණිමට යාමේදී මෙන්ම එවන් දේපල උකසට තබා ණය ලබා ගැනීමට යාමේදී දේපලේ නිරවුල් අයිතිය සම්බන්ධයෙන් ප්‍රශ්න පැන නගියි. එසේ වන්නේ තමන් සතු හවුල් අයිතිවාසිකම නිරවුල් කර ගැනීමට කුමන පියවර ගත යුතුද යන්න සම්බන්ධයෙන් මනා අවබෝධයක් නොමැති වීම නිසාය. එම නිසා බෙදුම් නඩු කාර්ය පටිපාටිය සංකීර්ණ වුවද හැකිතාක් අයුරින් සරලව ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම යෝග්‍ය යැයි අප සිතමු. එබැවින් කොටස් වශයෙන් බෙදුම් නඩු සම්බන්ධයෙන් ඉදිරි කලාප මගින් ද ඔබව දැනුවත් කිරීමට පියවර ගන්නෙමු.
හවුල් අයිතියක් යනු කුමක්ද?
යම් දේපලක අයිතිය පුද්ගලයන් දෙදෙනෙකු හෝ ඊට වැඩි ගණනක් අතර පවතින විට එම දේපල සම්බන්ධයෙන් ඔවුන්ට ඇති අයිතිය හවුල් අයිතියක් ලෙස සැලකේ.
බෙදුම් නඩුවක් යනු කුමක්ද?
යම් නිශ්චල දේපලක එනම් ඉඩමක අයිතිය පුද්ගලයන් දෙදෙනෙකු හෝ ඊට වැඩි ගණනක් අතර හවුල් අයිතියක් ලෙස ඇති විට එලෙස තවදුරටත් එකී දේපල හවුලේ භුක්ති විඳීමට අපහසුවූ අවස්ථාවකදී, එකී හවුල් අයිතිකරුවන්ට එම ඉඩම බෙදා වෙන්කරවා ගැනීම හෝ විකිණිම සදහා ඒ කවර අයිතිකරුවකු විසින් හෝ අයිතිකරුවන් කිහිප දෙනෙක් විසින් පවරනු ලබන නඩුව බෙදුම් නඩුවක් ලෙස හැදින්විය හැක.
හවුල් අයිතියක් ඇති ඉඩමක් බෙදා වෙන් කර ගැනීම සඳහා බෙදුම් නඩුවක් පැවරීම අත්‍යවශ්‍ය වන්නේද?
ඉඩමක් හවුල් අයිතිකරුවන් අතර බෙදා වෙන් කර ගැනීම සඳහා එලෙස නඩුවක් පැවරීම අත්‍යවශ්‍ය නොවේ. යම් හවුල් අයිතිවාසිකමක් ඇති ඉඩමක් එම හවුල් අයිතිකරුවන් අතර බෙදා වෙන් කර ගැනීමට අවශ්‍ය වූ විට ඔවුන්ගේ එකඟතාවය මත කැබලි වෙන් කර පිඹුරක් සකස් කර එම සියළුම අයිතිකරුවන් අතරේ සමගි බෙදුම් ඔප්පුවක් මගින් බෙදා වෙන් කර ගැනීමට හැකියාව ඇත.
මෙහිදී එම හවුල් ඉඩමට අයිතිවාසිකම් ඇති සියලු හවුල් අයිතිකරුවන් එම සමගි බෙදුම් ඔප්පුවට අත්සන් කල යුතුය. එලෙස එක හවුල් අයිතිකරුවකු හෝ එම බෙදුම් ඔප්පුවට අත්සන් කිරීම පැහැර හරින්නේ නම් හෝ අත්සන් නොකරන්නේ නම් එවන් අවස්ථාවකදී එම ඉඩම බෙදු ඉඩමක් ලෙස සැලකිය නොහැකි අතර, එය බෙදා වෙන් කර ගැනීම බෙදුම් නඩුවක් මගින් කල හැක.
බෙදුම් නඩුවක් සම්බන්ධයෙන් බලපානු ලබන නීතිය කුමක්ද?
බෙදුම් නඩුවක් සම්බන්ධයෙන් 1977 අංක 21 දරන බෙදුම් නඩු පනතේ ප්‍රතිපාදනයන් සංශෝධනයන්ට යටත්ව අදාල වන අතර, බෙදුම් නඩුවක් පවරා පවත්වා ගෙන යාම ඒ අනුව සිදු කරනු ලබයි.
බෙදුම් නඩුවක් පැවරීමට නඩු නිමිත්තක් හට ගත යුතුද?
වෙනත් නඩු වලදී මෙන් බෙදුම් නඩුවකදී නඩු නිමිත්තක් නොමැත. එහෙත් හවුල් ඉඩමක් හවුලේ තවදුරටත් භුක්ති විදීමට නොහැකි වීම හෝ අපහසුවීම මත බෙදුම් නඩුවක් පැවරීම සිදු කරනු ලබයි. එම කරුණ බෙදුම් නඩුවේ පැමිණිල්ලේ සඳහන් කරනු ලබන අතර එය ඔප්පු කිරීම හෝ තහවුරු කිරීම අත්‍යවශ්‍ය බවට පෙර නඩු තීන්දු අනුව අධිකරණය තීන්දු කර ඇති බවක් නොපෙනේ .
බෙදුම් නඩුවක් පවරනු ලබන්නේ කුමන අධිකරණයකද?
මේ සම්බන්ධයෙන් බෙදුම් පනතේ 3 වන වගන්තියේ දක්වා ඇත. බෙදුම් නඩුවක් පවරනු ලබන්නේ එම නඩුවට විෂය වස්තුව වන ඉඩම පිහිටි ප්‍රදේශයේ දිසා අධිකරණයේය.
තවද, යම් ඉඩමක් අධිකරණ බල ප්‍රදේශ දෙකක හෝ වැඩි ගණනක පිහිටා ඇත්නම් එයට සම්බන්ධ නඩුව පැවරිය යුත්තේ කුමන දිසා අධිකරණ බල ප්‍රදේශයකද යන්න සම්බන්ධයෙන් ගැටළුවක් ඇති විට, එකී අවිනිශ්චිතභාවයට හේතු ඇතැයි යම් අධිකරණයක් අතරින් එක් අධිකරණයක් සෑහීමට පත් වන්නේ නම් ඒ අධිකරණය විසින් ඒ ගැන ප්‍රකාශයක් වාර්ථාගත කර එකී අධිකරණයේ නඩුව පැවරිය හැකිය.
කෙසේ වෙතත් යම් ඉඩමක් අධිකරණ බල ප්‍රදේශ කිහිපයක පිහිටා ඇති විට ඒ ඕනෑම අධිකරණ බල ප්‍රදේශයක නඩුවක් පැවරීමේ හැකියාව ඇත.
යම් ආකාරයකින් ඉඩම පිහිටි අධිකරණයේ අධිකරණ බලයට පිටතින් වූ දිසා අධිකරණයක නඩු පැවරුවහොත් එම නඩුව ආරම්භයේදීම ප්‍රතික්ෂේප කරනු ලබයි.
බෙදුම් නඩුවක් පැවරීමේදී වැදගත් කරුණු මොනවාද?
හවුල් අයිතිවාසිකමක් ඇති ඉඩමක් සම්බන්ධයෙන් බෙදුම් නඩුවක් පවරන විට එම හවුල් අයිතිකරුවන්ගේ පෙලපත් සටහනක් පිලියෙල කිරීම අවශ්‍ය වන අතර එමගින් දේපල සම්බන්ධයෙන් ඇති හවුල් අයිතිකරුවන් හෙලිදරව් වේ. මෙය පිලියෙල කිරීම සදහා එම ඉඩමට අදාලව ඉඩම් හා ලේඛන ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ඇති ඉඩම ලියාපදිංචි කර ඇති පත්ඉරු සහ ලේඛන පරික්ෂා කිරීමෙන් මෙන්ම තමන් සතු ඔප්පු පරීක්ෂා කිරීමෙන් එකී විස්තර ලබා ගත හැකිය.
තවද, එම ඉඩමට අදාලව අයිතිය හිමි වී ඇති ඔප්පු වල සහතික පිටපත් හා පත්ඉරු වල සහතික පිටපත්ද ලබා ගැනීම අවශ්‍ය වන අතරම ඊට අමතරව ඔප්පු වලින් අයිතිවාසිකම් හිමි වූ පුද්ගලයන් ඒ වන විට මිය ගොස් ඇත්නම් එකී දේපලට අයිතිවාසිකම් ඇති උරුමකරුවන්ගේ නම් හා ලිපිනයන් ආදී විස්තර මෙන්ම එම අයට උරුම අයිතිවාසිකම් අනුව කොපමණ නොබෙදූ ප්‍රමාණයක් හිමි වන්නේද යනාදියේ විස්තර සොයා ගැනීම අවශ්‍ය වේ.
මෙම ඉඩමට අදාල බිම් ප්‍රමාණ, ඉඩමේ නම ආදිය තහවුරු කර ගැනීම සදහා එකී ඉඩමට අදාල වන්නාවු පිඹුරු පිටපත් ලබා ගැනීමද බෙදුම් නඩුවක් පවරන විට අත්‍යවශ්‍ය කරුණකි.
තවද, පෙලපත අනුව අයිතිය ලැබෙන අය හැරුණු විට උකස් හිමියන් හෝ බදු කරුවන් සහ හෝ ඉඩමට වෙනත් හිමිකමක් හෝ බැඳියාවක් ඇති අයගේ විස්තර මෙන්ම අයිතිය නැතත් ඉඩමේ පදිංචිව සිටින අය හෝ පදිංචිය නැතත් එයට හිමිකම්පාන අය සිටින්නේ නම් ඒ අයගේ විස්තර සොයා දැන ගැනීම වැදගත්වේ .
තවද, බෙදීමට යෝජිත ඉඩමේ නොබෙදූ කොටස් මුල් ඉඩමට සම්බන්ධ නොවී වෙනත් පත් ඉරුවක ලියා පදිංචි වී ඇති අවස්ථාවක එම අයිතිවාසිකම් බෙදුම් නඩුව පවරන පැමිණිලිකරුගේ අයිතිවාසිකම් නම් එම බෙදුම් නඩුව පැවරීමට පෙර ප්‍රකාශන ඔප්පු මගින් එම පත්ඉරු මුල් ඉඩමට සම්බන්ධ කිරීම වඩාත් යෝග්‍ය වේ.
බෙදුම් නඩුවක් පැවරීමේදී පාර්ශ්වකරුවන් කල යුත්තේ කවුරුන්ද?
බෙදුම් පනතේ 2(1) වගන්තිය අනුව ඉඩමක් අයිතිකරුවන් දෙදෙනෙකුට හෝ ඊට වැඩි ගණනකට හවුල් අයිතිය ඇති විට එම ඉඩම බෙදා වෙන්කරවා ගැනීමට හෝ විකිණීම සදහා ඒ කවර අයිතිකරුවකු විසින් හෝ නැතහොත් අයිතිකරුවන් වැඩි සංඛ්‍යාවක් පැමිණිලිකරු හෝ පැමිණිලිකරුවන් ලෙස නම් කර පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් බෙදුම් නඩුවක් පැවරිය හැක.
බෙදුම් නඩුවකදී එම නඩුව පවරනු ලබන තැනැත්තා හෝ තැනැත්තන් පැමිණිලිකරු හෝ පැමිණිලිකරුවන් ලෙස නම් විය යුතුවන අතර, ඊට අමතරව එකී ඉඩම සම්බන්ධයෙන් හවුල් අයිතිවාසිකම් ඇති සෙසු සියලු අයිතිකරුවන් විත්තිකරුවන් ලෙස එම බෙදුම් නඩුවේ පාර්ශ්වකරුවන් කල යුතුය.
එම ඉඩමේ යම් අයිතිවාසිකමකට, එම ඉඩමේ යම් කොටසකට නැතහොත් ඉඩමේ යම් සම්බන්ධතාවයකට හෝ ඉඩමේ කර ඇති වැඩිදියුණු කිරීම් වලට හිමිකම ඇති හෝ හිමිකම ඇතැයි කියා සිටින සියළුම තැනැත්තන්ද මෙම නඩුවේ පාර්ශ්වකරුවන් කල යුතුය .
තවද, එකී ඉඩමට හිමිකම් ඇතැයි කියා සිටින උකසක් හෝ බද්දක්, ඵල භුක්තියක්, පරවශ්‍යතාවයක්, භාරයක් හෝ ජීවිත භුක්තියක් නිසා අන්‍යාකාරයේ එවැනි හිමිකමක් ඇති හෝ හිමිකමක් ඇතැයි කියා සිටින සියළුම තැනැත්තන් හෝ එම ඉඩමට යම් වැඩි දියුණු කිරීමක් සිදුකල බවට හිමිකමක් කියා සිටින තැනැත්තන් ඇත්නම් ඒ අයද මෙම නඩුවේ පාර්ශ්වකරුවන් කල යුතුය.
උකසක් සම්බන්ධයෙන් වූ විට ඒ උකස් හිමියා හෝ ඔහු යටතේ යම් සම්බන්ධතාවයකට හිමිකම් කියා සිටින යම් තැනැත්තකු හෝ පාර්ශ්වකරුවකු ලෙස ඇතුලත් කල යුත්තේ නෛතික ලේඛන තමා වෙත භාරදීම සදහා වූ ලිපිනයක් උකස් පනතේ විධි විධාන අනුව ඔහු විසින් ලියාපදිංචි කර තිබුනහොත් පමණි.
බෙදුම් නඩුවක පැමිණිල්ලක ඇතුලත් විය යුතු කරුණු මොනවාද?
නඩුවට අදාල වන ඉඩමට නමක් ඇත්නම් ඉඩමේ නම, ප්‍රමාණය හා වටිනාකම
භෞතික මායිම් සලකුණු සඳහන් කිරීමෙන් හෝ පැමිණිල්ලට ඇමිණිය යුතු කටු සටහනක, සිතියමක හෝ පිඹුරක හෝ මාර්ගයෙන් ඉඩමේ විස්තරයක්
එම ඉඩමේ යම් අයිතිවාසිකමකට, එම ඉඩමේ යම් කොටසකට නැතහොත් ඉඩමේ යම් සම්බන්ධතාවයකට හෝ ඉඩමේ කර ඇති වැඩිදියුණු කිරීම් වලට හිමිකම් ඇති හෝ හිමිකම් ඇතැයි කියා සිටින සියළුම තැනැත්තන්ගේ නම් හා ලිපිනයන්, තවද, එකී ඉඩමට හිමිකම් ඇතැයි කියා සිටින උකසක් හෝ බද්දක්, ඵල භුක්තියක්, පරවශ්‍යතාවයක්, භාරයක් හෝ ජීවිත භුක්තියක් නිසා අන්‍යාකාරයෙන් එවැනි හිමිකමක් ඇති හෝ හිමිකමක් ඇතැයි කියා සිටින සියළුම තැනැත්තන් හෝ එම ඉඩමට යම් වැඩි දියුණු කිරීමක් සිදුකල බවට හිමිකමක් කියා සිටින තැනැත්තන් මේ යටතේ අයිතිවාසිකම් හිමි තැනැත්තන් සේ ගැනේ.
තවද, පැමිණිලිකරු දන්නා තරමින් හෝ පැමිණිලිකරු විසින් විමසා දැනගත හැකි තාක් දුරට එකී අයිතිවාසිකම්, කොටසේ සම්බන්ධතාවය හෝ වැඩිදියුණු කිරීමේ කොටස හෝ ප්‍රමාණය
පැමිණිල්ලට අමුණා ඇති පෙලපත් සටහනක් මාර්ගයෙන් පැමිණිලිකරුගේ හිමිකම උරුම වී ඇති ආකාරය හා හැකි අවස්ථාවන්හිදී ඉඩමට හිමිකම් ඇති හෝ හිමිකම් ඇතැයි කියා සිටින හෝ ඒ ඉඩමේ යම් අයිතිවාසිකමකට, කොටසකට හෝ යම් සම්බන්ධතාවයකට හිමිකම ඇති හෝ හිමිකම් ඇතැයි කියා සිටින තැනැත්තන් වශයෙන් පැමිණිල්ලෙන් හෙලිදරව් කර ඇති සෙසු සෑම තැනැත්තකුටම හිමිකම උරුම වී ඇති ආකාරය දැක්වෙන ප්‍රකාශයක්
තවද පැමිණිල්ල සමඟ නඩුවේ කාර්ය සඳහා පැමිණිලිකරුගේ නීත්‍යානුකූල නියෝජිතයකු නම් කරන ලද ලියවිල්ලක්
බෙදුම් නඩුවක පැමිණිල්ලක් සමග කවර ලේඛන ගොනුකල යුතුද?
බෙදුම් නඩුවකදී වෙනත් නඩුවක මෙන් පැමිණිල්ල සමග පෙරකලාසි ගොනු කල යුතු අතර, ඊට අමතරව, ඔප්පු සාරාංශය, පෙලපත් සටහන , පිටපත් 3කින් යුත් ලිස්පෙන්ඩනය, පැමිණිලිකරු හෝ පැමිණිලිකරුවන් මිය ගිය හොත් පනතේ 81 වන වගන්තිය අනුව එම අයගේ හෝ අයවලුන්ගේ නීත්‍යානුකූල නියෝජිතයා හෝ නියෝජිතයන් නම් කරන ලද ලේඛන ද ඉදිරිපත් කල යුතුය.
බෙදුම් නඩුවකදී වෙනත් නඩුවක මෙන් පැමිණිල්ල සමග විත්තිකරුවන් ගේ සිතාසි ගොනු කිරීම අත්‍යවශ්‍ය නොවේ. එයට හේතුව වන්නේ බෙදුම් නඩුවක් භාර ගෙන ලිස්පෙන්ඩනයක් ලියා පදිංචි කිරිමෙන් අනතුරුව, බෙදුම් නඩු පනතේ 12 වන වගන්තිය යටතේ කල යුතු ප්‍රකාශයද ඉදිරිපත් කල පසුව සිතාසි නිකුත් කිරීමට නියෝග කරන බැවිනි.
බෙදුම් නඩුවකදී ලිස්පෙන්ඩන ලියා පදිංචි කිරීමක් යනු කුමක්ද?
පැමිණිල්ලක් මගින් බෙදුම් නඩුවක් අධිකරණයේ ගොනු කරනු ලබන අවස්ථාවේදී, එකී පැමිණිල්ල සමඟ මෙය ඇසීමට තිබෙන නඩුවක් වන බවට ඉඩමට අදාල ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයේ ලියා පදිංචි කිරීම අවශ්‍ය වන අතර, ඒ සඳහා ඉදිරිපත් කරනු ලබන දැන්වීම ලිස්පෙන්ඩනය ලෙස හැදින්වේ.
බෙදුම් නඩු පනත, 1997 අංක 17 දරන සංශෝධිත පනතින් සංශෝධනය කිරීමෙන් පසු පිටපත් තුනකින් යුතුව ලිස්පෙන්ඩන පැමිණිල්ල සමග ගොනු කල යුතුය.
මෙම ඉල්ලීම බෙදුම් නඩුවක පැමිණිලිකරු හෝ ඔහුගේ ලේඛනගත නීතිඥවරයා විසින් ඉඩම ලියා පදිංචි කරන ලද දිස්ත්‍රික්කයේ පිහිටි ඉඩම් කාර්යාලයේ රෙජිස්ට්‍රාර්වරයා වෙත ඉදිරිපත් කරමින් එය නියමිත පත්ඉරුවේ ලියාපදිංචි කරන ලෙස ඉල්ලා සිටිය හැක. මෙසේ ලිස්පෙන්ඩනය නිසි පරිදි අදාල පත් ඉරු වල ලියාපදිංචි කිරීම ලිස්පෙන්ඩනය ලියාපදිංචි කල ලෙස සැලකේ.
යම් ඉඩමක් පත්ඉරු කිහිපයක ලියාපදිංචි කර ඇත්නම් ඒ සෑම පත්ඉරුවකම ලිස්පෙන්ඩනය ලියාපදිංචි කිරීම වඩාත් වැදගත්වේ.
එසේම යම් ඉඩමක් දිස්ත්‍රික්ක කිහිපයක ඉඩම් හා ලේඛන ලියාපදිංචි කිරීමේ කාර්යාල වල ලියා පදිංචි කර ඇත්නම් ඒ සියළුම ඉඩම් හා ලේඛන ලියාපදිංචි කිරීමේ කාර්යාලවල ලිස්පෙන්ඩන ලියාපදිංචි කල යුතුය.
යම් හෙයකින් ලිස්පෙන්ඩනය නියමිත පත්ඉරුවේ නොමැතිව වැරදි පත්ඉරුවක ලියාපදිංචි කර ඇත්නම්, නැවතත් ලිස්පෙන්ඩනය නියමිත පත්ඉරුවේ ලියාපදිංචි කිරීමට පියවර ගත යුතු අතර නඩුවේ ඉදිරි කටයුතු ඉන්පසුව ආරම්භ කරනු ලබයි.
බෙදුම් නඩුවකදී ලිස්පෙන්ඩන ලියා පදිංචි කිරීමේ වැදගත්කම හා එහි බලපෑම කුමක්ද ?
ලිස්පෙන්ඩනයක් නිසි පරිදි ලියාපදිංචි නොවීම නිසා නඩුවක් නිශ්ප්‍රභා කල යුතු බවට බෙදුම් නඩු පනතේ ප්‍රතිපාදන නොමැති බවට නඩු වලදී තීරණය වී ඇත. එහෙත් බෙදුම් නඩුවට ලිස්පෙන්ඩනය නිසි පරිදි ලියාපදිංචි කිරීමෙන් පසුව නඩුවට අදාල ඉඩමෙන් කිසිම කොටසක් ඉවත් කිරීමට බෙදුම් නඩු පනතේ ප්‍රතිපාදන නොමැති බවද නඩු වලදී තීරණය වී ඇත.
ලිස්පෙන්ඩන ලියාපදිංචි කිරීමෙන් එම ඉඩම සම්බන්ධයෙන් ඇසීමට ඇති නඩුවක් පවතින බවට (නඩුවක් පවරා ඇති බවට) පත්ඉරු පරීක්ෂා කිරීමෙන් සියළුදෙනාටම දැන ගත හැකිය.
බෙදුම් නඩු පනත ප්‍රකාරව ලිස්පෙන්ඩන ලියාපදිංචි කිරීමෙන් අනතුරුව කරනු ලබන පැවරීම් සියල්ල වලංගු පැවරීම් ලෙස නොසැලකේ. එහෙත් මෙලෙස බෙදුම් නඩුවක් පැවරීමෙන් පසුව නඩුව අවසන් වීමට පෙර යම් පාර්ශ්වයන් ඔවුන්ගේ අයිතිවාසිකම් ඔප්පු මගින් එකී බෙදුම් නඩු තීන්දුවට යටත් කොට අන්සතු කරනු ලැබූ අවස්ථා බොහෝ ඇත. එවැනි අවස්ථාවලදී එම අයිතිවාසිකම් පවරනු ලබන තැනැත්තාට අයිතිවාසිකම් හිමි වන්නේ බෙදුම් නඩුවේ තීන්දුවෙන් ලැබෙන අයිතියේ ප්‍රමාණයට පමණි. ඇතැම් අවස්ථාවන් කිසිදු බිම් ප්‍රමාණයක් හිමි නොවීමට පවා හැකියාව ඇත.
එබැවින් ඉඩමකට අදාලව ලිස්පෙන්ඩනයක් ලියා පදිංචි වී ඇත්නම් සහ එකී නඩුව අවසන් වී නොමැත්තේනම්, එවැනි අවස්ථාවන් හිදී එකී බෙදුම් නඩු තීන්දුවට යටත් කොට ඉඩම් කොටස් මිලදී ගැනීමේදී අවදානම් සහගත තත්වයක් පවතින බව ඔබට වැටහෙනු ඇත .
බෙදුම් නඩු පනතේ 12 වන වගන්තියේ දැක්වෙන ප්‍රකාශය යනු කුමක්ද?
බෙදුම් නඩුවක් ඇසීමට තිබෙන නඩුවක් ලෙස (ලිස්පෙන්ඩනය) ලේඛන ලියා පදිංචි කිරීමේ ආඥා පනත යටතේ ලියා පදිංචි කිරීමෙන් අනතුරුව ලිස්පෙන්ඩනය ලියා පදිංචි කර ඇති පත්ඉරුව හෝ පත්ඉරු හා සම්බන්ධ නඩුවට විෂයවූ ඉඩමට අදාල සටහන් සියල්ලම නීතීඥවරයකු විසින් පොද්ගලිකවම පරීක්ෂා කල යුතුය. එලෙස නීතිඥවරයා විසින් පෞද්ගලිකවම පරීක්ෂා කල බවට ඒ නීතීඥවරයා විසින් තම අත්සන යටතේ සහතික කල ප්‍රකාශයක් ලබා දිය යුතු බව බෙදුම් නඩු පනතේ 12 වන වගන්තියේ දක්වා ඇත. මෙම ප්‍රකාශය බෙදුම් නඩු පනතේ 12 වගන්තියේ දැක්වෙන ප්‍රකාශය වන අතර, එය ඉදිරිපත් කිරීමෙන් පසුව සිතාසි සහ අධිකාරී පත්‍ර නිකුත් කිරිමට අධිකරණය විසින් නියෝග කරනු ලබයි.
බෙදුම් නඩුවක සිතාසි බෙදීම සිදුවන ආකාරය කෙසේද?
බෙදුම් පනතේ 14 වන වගන්තිය අනුව, සිවිල් නඩු විධාන සංග්‍රහයේ ඇති විධි විධාන බෙදුම් නඩුවක සිතාසි භාරදීම සම්බන්ධයෙන්ද අදාල විය යුතු බව සදහන් කර ඇත.
එහෙත් එයට වෙනස් ආකාරයක්ද බෙදුම් නඩු වලදී පවතී. එනම් කොමසාරිස් වරයා විසින් මැනීම් සිදු කරන අවස්ථාවේ දැන්වීමේ පිටපත් (බෙදුම් නඩු පනතේ 16(3) වන වගන්තියට අනුව පනතේ 2 වන උපලේඛනයේ දක්වා ඇති ආකෘතියට සාරානුකූල දැන්වීම්) භාරදී ඔහුගේ අත්සන හෝ මහපට ඇඟිලි සලකුණ ලබා ගැනීම සිදු කරයි. එලෙස කොමසාරිස්වරයා විසින් දැන්වීම ලබාදී අත්සන ලබාගත් පුද්ගලයා පසුව නඩුවේ විත්තිකරුවකු ලෙස නම් කරනු ලැබුවහොත් ඔහුට හෝ ඇයට සිතාසි භාරදීමක් අවශ්‍ය නොවන අතර එකී දැන්වීම සිතාසියක් ලෙස සලකනු ලබයි.
යම් විත්තිකරුවකු දිවයින තුල සිටිමින් සිතාසි භාර ගැනීම මඟ හරින අවස්ථාවකදී එම තැනැත්තාට පෞද්ගලිකව සිතාසි භාර දීමට නොහැකි බව දිවුරුම් ප්‍රකාශයක් මගින් අධිකරණයට කරුණු ඉදිරිපත් කල විට අධිකරණයෙන් නියෝගයක් ලබා ගෙන ආදේශිත ක්‍රමයට සිතාසි භාර දීමට (එම තැනැත්තා පදිංචි ස්ථානයේ දොරේ එම සිතාසිය අලවා) හැකියාව ඇත.
බෙදුම් නඩුවක පාර්ශ්වකරුවකුට සිතාසි භාරදී නොමැති බව ඔප්පු කල අවස්ථාවකදී පමණක් බෙදුම් නඩුවක අවසාන තීන්දුව අහෝසි කිරිමට අධිකරණයට බලය ඇති බව නඩු තීන්දු වලින් වාර්ථා කර ඇත. එබැවින් පාර්ශ්වකරුවන් සියළුම දෙනාට නිසි පරිදි සිතාසි භාර දී නඩුව ඉදිරියට පවත්වා ගෙන යාම පැමිණිල්ලේ වගකීම වන බව සිහි තබාගත යුතුය.
බෙදුම් නඩුවක පාර්ශවයක් නොවන යම් තැනැත්තෙකුට එම ඉඩමට යම් අයිතිවාසිකමක් ඇත්නම් එම තැනැත්තාට එම නඩුවට ඉදිරිපත් වීමට හැකියාවක් තිබේද?
යම් ඉඩමක් සම්බන්ධයෙන් බෙදුම් නඩුවක් පැවරූ පසුව ඉහත විස්තර කල පරිදි ඊට අදාල පත්ඉරු වල ලිස්පෙන්ඩන් ලියාපදිංචි කරනු ලබන්නේත්, ඊට අමතරව එම ඉඩම අයත් ප්‍රද්ශයේ ග්‍රාම නිලධාරීවරයාගේ කාර්යාලයේ දැන්වීම් පුවරුවේ බෙදුම් නඩුවක් පවරා අති බවට දැන්වීම් පල කරනු ලබන්නේත්, එසේම මූලික මැනීම සිදු කරන අවස්ථාවේදී දින 14කට පෙර පාර්ශවකරුවන්ට සිදු කරනු ලබන දැන්වීමට අමතරව එම ඉඩමේ දැන්වීම් ඇලවීම සහ අඬබෙර මගින් ඒ බව දැනුවත් කරනු ලබන්නේත් එම ඉඩම සම්බන්ධයෙන් බෙදුම් නඩුවක් පවතින බව සියළුදෙනා දැනුවත් කිරීම තුලින් එම ඉඩමට පාර්ශවයන් නොවූ එහෙත් යම් අයිතිවාසිකමක් ඇති තැනැත්තන් ඇත්නම් ඒ අයට ඉදිරිපත් වීමටයි.
එයින් එම ඉඩමට යම් අයිතිවාසිකමක් ඇති නමුත් නඩුවේ පාර්ශවයක් නොවන පුද්ගලයකුට වුවද එම නඩුව සම්බන්ධයෙන් දැනුවත් වී නඩුවට ඉදිරිපත් වීමට අවස්ථාව සැලසේ.
පැමිණිලිකරු නඩුවේ පියවර නොගන්නේ නම් නඩුව ඉදිරියට පවත්වාගෙන යා හැක්කේ කෙසේද?
වෙනත් නඩු වලදී පැමිණිලිකරු පියවර නොගන්නේ නම් පැමිණිල්ලේ නඩුව නිශ්ප්‍රභා කිරීම සාමාන්‍ය කාර්ය පටිපාටියයි. එහෙත් බෙදුම් නඩුවකදී කාර්ය පටිපාටිය මීට වෙනස්වේ.
බෙදුම් නඩුවකදී පැමිණිලිකරු විසින් ගත යුතු පියවර නොගෙන පැහැර හරින්නේ නම් සහ පැමිණිලිකරුට මෙම නඩුව තවදුරටත් පවත්වා ගෙන යාම අවශ්‍ය නොවන බව අධිකරණයට දැනුම් දෙන්නේ නම් එවන් අවස්ථාවකදී අධිකරණයේ අවසරය මත එම නඩුවේ විත්තිකරුවකුට පැමිණිලිකරුවකු ලෙස ක්‍රියා කරමින් එම නඩුවේ ඉදිරි කටයුතු පවත්වා ගෙන යා හැක.
එසේ නොමැතිව කිසිදු විත්තිකරුවකු එසේ නඩුව ඉදිරියට පවත්වා ගෙන යාමට ඉදිරිපත් නොවුනහොත් අධිකරණයට එම නඩුව නිශ්ප්‍රභා කිරීමට හැකියාව ඇත.
බෙදුම් නඩුවක අධිකාරිපත්‍රයක් නිකුත් කිරීම යන්නෙන් අදහස් වන්නේ කුමක්ද?
බෙදුම් නඩුවකදී අධිකාරිපත්‍රයක් යනුවෙන් අදහස් කරනු ලබන්නේ බලයලත් මිනින්දෝරුවරයකුට (උසාවි කොමසාරිස්වරයකුට) බෙදීමට යෝජිත ඉඩම මැන පෙන්වීම සඳහා යම් අධිකරණයක් විසින් ආඥා කරමින් නිකුත් කරනු ලබන ලේඛනයයි. එලෙස නිකුත් කරනු ලබන අධිකාරිපත්‍රයේ මිනින්දෝරුවරයකු විසින් කටයුතු කල යුතු ආකාරය සම්බන්ධයෙන්ද ආඥා කර තිබිය හැකිය.
සාමාන්‍යයෙන් බෙදුම් නඩුවකදී මෙවැනි අධිකාරිපත්‍රයක් නිකුත් කරනු ලබන්නේ එම අධිකරණයේ ලියාපදිංචිවූ බලය ලත් මිනින්දෝරුවරයකු හෙවත් උසාවි කොමසාරිස්වරයකු වෙතටය. එලෙස අධිකාරිපත්‍රයක් නිකුත් කරන විට බෙදුම් නඩුවේ පැමිණිල්ලේ පිටපතක්ද එම අධිකාරිපත්‍රය සමඟ ඇමුණුමක් ලෙස යවනු ලබන අතර, එයට හේතුව වන්නේ එම මිනින්දෝරුවරයා විසින් අධිකාරිපත්‍රයේ දක්වා ඇති විධාන අනුව පැමිණිල්ලේ උපලේඛනයේ දක්වා ඇති ඉඩම මැන නඩුවේ විෂය වස්තුව වන ඉඩම දැයි තහවුරු කර ගැනීම සඳහා වේ.
උසාවි කොමසාරිස්වරයකු විසින් සිදු කරන මුලික මැනීම යනු කුමක්ද?
යම් අධිකරණයක් විසින් උසාවි කොමසාරිස්වරයකු පත් කර ඔහු වෙත අධිකාරිපත්‍රයක් නිකුත් කල පසුව එකී අධිකාරිපත්‍රයේ සඳහන් වන විධාන අනුව කටයුතු කර එහි සඳහන් වන ඉඩම මැන පිඹුරක් හා වාර්තාවක් පිලියෙල කිරිම මූලික මැනීම ලෙස හදුන්වයි .
මූලික පිඹුර හා වාර්ථාව යන්නෙන් අදහස් වන්නේ කුමක්ද?
මූලික පිඹුර යන්නෙන් දැක්වෙන්නේ, අධිකාරිපත්‍රයක් මගින් උසාවි කොමසාරිස් වරයකු විසින් බෙදුම් නඩුවක පැමිනිල්ලේ උපලේඛනයේ දැක්වෙන ඉඩම මැන සාදන ලද පිඹුරයි. ඒ සම්බන්ධයෙන්, බෙදුම් නඩු පනතේ ප්‍රතිපාදන අනුව වාර්ථාවක් ද පිලියෙල කල යුතුය.
බෙදුම් පනතේ 18(1)(අ)(3) වගන්තිය අනුව එම වාර්ථාවේ උසාවි කොමසාරිස්වරයා විසින් මනින ලද ඉඩම ඔහුගේ මතය අනුව බෙදා වෙන් කිරීමට පැමිණිල්ලේ දක්වා ඇති බෙදීමට යෝජිත ඉඩමමද යන්න සඳහන් කල යුතුය.
තවද, එම ඉඩම මනින ලද අවස්ථාවේදී ඉදිරිපත්වූ පාර්ශ්වකරුවන් කවුරුන්ද යන්නත් එලෙස නඩුවේ පාර්ශ්වකරුවන් නොවූ යම් තැනැත්තන් එම ඉඩමට එම අවස්ථාවේදී හිමිකම් ඉදිරිපත් කරන ලද්දේ නම් ඒ අයගේ විස්තරද, ඔවුන්ගේ හිමිකම්පෑමේ ස්වභාවයද ඇතුලු අවශ්‍ය විස්තර පැහැදිලිව ඇතුලත් කර තිබිය යුතුය.
මේ අනුව මතක තබා ගත යුතු කරුණු වන්නේ යම් ඉඩමකට බෙදුම් නඩුවක් පවරා ඇති විටක එකී බෙදුම් නඩුවට ඔබ පාර්ශ්වකරුවකු නොවුවද, ඔබට යම් අයිතිවාසිකමක් ඇත්නම් එම ඉඩම මනින අවස්ථාවේදී එයට ඉදිරිපත්වී ඔබට ඇති අයිතිවාසිකම් උසාවි කොමසාරිස් වරයාට ඉදිරිපත් කිරීමට වගබලා ගත යුතු බවයි.
උසාවි කොමසාරිස්වරයකු විසින් මුලික මැනීමේදී ක්‍රියා කල යුතු ආකාරය කෙසේද?
උසාවි කොමසාරිස් වරයා විසින් අධිකාරිපත්‍රයෙන් නියම කර ඇති ඉඩම පමණක් මැනීම සිදු කල යුතු අතර, එකී ඉඩමට අමතර ඉඩමක් මැන විෂය වස්තුවට එකතු කිරීමට මිනින්දෝරුවරයාට අයිතියක් නොමැත. එම නඩුවේ විෂය වස්තුව විශාල විය යුතුනම් ඒ බව අධිකරණයට දන්වා අමතර ඉඩම් කොටස මැනීමට අදාල නියෝග ලබා ගත යුතුව ඇත.
මෙලෙස උසාවි කොමසාරිස්වරයකු විසින් ඉඩම මැනීමට දින නියම කල විටදී එම නඩුවේ පාර්ශවයන් හට දින 14කට නොඅඩු දැන්වීමක් සිදු කල යුතු වන අතර, ඊට අමතරව එම ඉඩමේ දැන්වීම් ඇලවීම් හා අඬබෙර මගින් ඒ දැනුවත් කිරීම් සිදු කල යුතුය.
එහිදී කොමසාරිස්වරයා විසින් එලෙස මැනීම සිදු කරන ඉඩම පැමිණිල්ලේ උපලේඛනයේ සඳහන් වන ඉඩමදැයි තහවුරු කර ගැනීම සිදුකල යුතුය. පැමිණිල්ලේ උපලේඛනයේ සඳහන් වන ඉඩම සම්බන්ධයෙන් නඩුව පැවරීමට පෙර සකස් කරන ලද පිඹුරු ඇත්නම් එම කොමසාරිස්වරයාට එකී පිඹූරු වල පිටපත් ලබා දීමෙන් එලෙස මැන සාදන ලද පිඹුර මත එකී පිඹුරු අධිෂ්ඨාපනය කිරීම මගින් බෙදීමට යෝජිත ඉඩම නිවැරදිව හඳුනාගැනීමට පහසු වේ.
ඉඩමක් මනිනු ලබන අවස්ථාවේදී පාර්ශවකරුවන් නොවූ තැනැත්තන්ටද ඉඩම සම්බන්ධයෙන් යම් අයිතියක් ඇත්නම් එම අවස්ථාවේදී ඉදිරිපත් වී උසාවි කොමසාරිස්වරයාට තම අයිතිවාසිකම් ඉදිරිපත් කල හැකි අතර, එවන් අවස්ථාවකදී උසාවි කොමසාරිස්වරයා විසින් තම වාර්තාවේ එම කරුණුද ඇතුලත් කරනු ලබයි. තවද, එවැනි තැනැත්තන් හට මෙහි පෙර සඳහන් කල ආකාරයට දැන්වීම් ලබා දීම උසාවි කොමසාරිස්වරයා විසින් සිදු කරනු ලබන අතර, එසේ දැන්වීම් භාර දුන් තැනැත්තන්ගේ නම් හා ලිපිනයන් හා භාර දුන් දිනයන් උසාවි කොමසාරිස්වරයා විසින් අධිකරණයට වාර්තා කල යුතුය.
උසාවි කොමසාරිස්වරයකුට අධිකාරීපත්‍රයක් නිකුත් කරනු ලබන්නේ අධිකරණයේ ආඥාවක් මත නිසා එලෙස උසාවි කොමසාරිස්වරයෙකු ඉඩමක් මැනීමට පැමිණි විටක නඩුවේ පාර්ශවකරුවන් මෙන්ම පාර්ශවයන් නොවන අයද එම ඉඩම මැනීමට ඔහුට ඉඩ ලබා දිය යුතු වේ. යම් හෙයකින් එවන් මැනීමකට බාධා සිදු කලහොත් උසාවි කොමසාරිස්වරයකුට ඒ බවට අධිකරණයට වාර්තා කිරීම සිදු කල හැකි අතර, එවන් අවස්ථාවකදී එම තැනැත්තන් අධිකරණයට අපහාස කල සේ සලකා, වරදකරුවකු කර දණ්ඩනයකට යටත් කිරීමට හැකියාව ඇත.
පැමිණිල්ලේ විස්තර කර ඇති ඉඩමට වඩා විශාල ඉඩමක් පෙන්වා දීමට පාර්ශවයකට හැකියාව තිබේද?
පැමිණිල්ලේ විස්තර කර ඇති ඉඩමට වඩා විශාල ඉඩමක්, බෙදීමට යෝජිත ඉඩම විය යුතු වන බවට මැනීම සිදු කරනු ලබන අවස්ථාවේදී පාර්ශවයකට පෙන්වා සිටීමට හැකියාව ඇත. එවැනි අවස්ථාවකදී උසාවි කොමසාරිස්වරයකු ඒ සම්බන්ධයෙන් අධිකරණයකට දැනුම්දීම සිදු කරනු ලබන අතර, බෙදීමට යෝජිත ඉඩම පැමිණිල්ලේ සඳහන් වන ඉඩමට වඩා විශාල ඉඩමක් වන බවට අධිකරණය සෑහීමට පත් වන්නේ නම් ඒ අනුව වඩා විශාල ඉඩම මැනීම සඳහා අධිකරණයක් විසින් අධිකාරිපත්‍රයක් නැවත නිකුත් කරනු ලබයි.
තවද, පැමිණිල්ලේ විස්තර කර ඇති ඉඩමට වඩා විශාල ඉඩමක් බෙදීමට යෝජිත ඉඩම විය යුතු වන බවට යම් පාර්ශවයකට තම හිමිකම් ප්‍රකාශය මගින්ද හෙළිදරව් කර සිටීමේ හැකියාව ඇත. එවැනි අවස්ථාවකදී එම පාර්ශවයේ හිමිකම් ප්‍රකාශය වඩා විශාල ඉඩම සම්බන්ධයෙන් පැමිණිල්ලක් සේ සැලකේ.
එවන් අවස්ථාවකදී විශාල ඉඩම සම්බන්ධයෙන් නව ලිස්පෙන්ඩනයන් ලියා පදිංචි කර එම විශාල ඉඩම විෂය වස්තුව ලෙස ඇතුලත් කිරීම සඳහා අවශ්‍ය වන සෙසු සියළුම පියවර ගත යුතු වන අතර, එලෙස මැන ඉදිරිපත් කර මූලික පිඹුරේ දක්වා ඇති ඉඩම අනුව එම නඩුව ඉදිරියට පවත්වාගෙන යාමට අධිකරණයට අවසර ලබා දිය හැකිවේ.
බෙදුම් නඩුවේ විෂය වස්තුවට පිටතින් ඇති වෙනත් ඉඩමක් ඇතුලත් කොට මැනීමක් සිදු කල විට කුමන පියවර ගත යුතුද?
බෙදුම් නඩුවක පැමිණිල්ලේ උපලේඛනයේ සදහන් ඉඩමට පරිබාහිරවූ ඉඩම්ද ඇතුලත් කර මැනීම සිදු කර මූලික පිඹුරු සකස් කල අවස්ථාද ඇත. සමහර අවස්ථාවලදී නඩුවේ විෂය වස්තුව වන ඉඩමට ප්‍රවේශ වන මාර්ගයද මූලික පිඹුරට ඇතුලත් කල අවස්ථා තිබේ.
එවැනි සෑම විටකදීම ගරු අධිකරණයේ ඉල්ලීමක් සිදු කර එම කොටස් නඩුවේ විෂය වස්තුවෙන් ඉවත් කර ගැනීමට හැකියාව ඇත. ඒ සම්බන්ධයෙන් සිවිල් නඩු විධාන සංග්‍රහයේ 839 වන වගන්තියේ ප්‍රතිපාදන අනුව අධිකරණයට නෛසර්ගික බලයක් ඇත.
උසාවි කොමසාරිස්වරයකු ඉදිරිපත් කර ඇති මූලික පිඹුරු හෝ ක්ෂේත්‍ර සටහන් වැරදි බව පෙනී ගිය විට ගත යුතු පියවර කුමක්ද?
එවන් අවස්ථාවකදී බෙදුම් නඩු පනතේ 18(3) (අ) ජේදය මගින් මිනුම්පතිවරයාට ඉඩම මැන පිඹුරක් සහ වාර්ථාවක් ඉදිරිපත් කිරීමට අධිකාරී පත්‍රයක් නිකුත් කල හැක. මෙහිදී මිනුම්පතිවරයා විසින් එය පරීක්ෂා කර එය නිවැරදි බවට සහතික කිරීමට සැලැස්වීමට හෝ එම පිඹුරු හෝ ක්ෂේත්‍ර සටහන් වැරදි බව යයි පෙනී ගිය විට මිනුම්පතිවරයා විසින් හෝ ඔහු විසින් බලයදෙන ලද ඔහුගේ දෙපාර්තමේන්තුවේ නිලධාරියකු විසින් අළුත් ක්ෂේත්‍ර සටහන් හා අළුත් පිඹුරක් සකස් කිරීමට සැලැස්වීමට හැක. ඒ කාර්ය සදහා මිනුම්පතිවරයාට අධිකාරිපත්‍රයක් නිකුත් කිරීමටද අධිකරණය විසින් සිය මෙහෙයවීමෙන්ම හෝ නඩුවේ යම් පාර්ශ්වකරුවකුගේ ඉල්ලීම පිට හෝ කල හැකිය .
බෙදුම් නඩුවක හෙලිදරව් කල පාර්ශ්වකරුවන් ලෙස සලකන්නේ කවුරුන්ද?
බෙදුම් නඩුවක පැමිණිල්ලේ පාර්ශ්වකරුවකරුවකු ලෙස සදහන් නොකරන ලද යම් තැනැත්තකු හෝ තැනැත්තන් ඉහත සදහන් කල පරිදි එකී ඉඩම මනින අවස්ථාවේදී එකී ඉඩමට හිමිකම් හෝ අයිතිවාසිකම් ඉදිරිපත් කරමින් උසාවි කොමසාරිස්වරයාගේ වාර්තාවේ නම ඇතුලත් අය සහ බෙදුම් නඩුවේ විත්තිකරුවකු විසින් අනාවරණය කරන ලද තැනැත්තන් බෙදුම් නඩුවක හෙලි කල පාර්ශ්වයන් ලෙස සලකයි.
හෙලිදරව් කල පාර්ශවයන්ට නොතීසි ඉදිරිපත් කිරීම සඳහා අධීකරණයට නොතීසි ඉදිරිපත් කල යුත්තේ කවුරුන් විසින්ද?
උසාවි කොමසාරිස්වරයා විසින් මුල් මැනීම සමඟ ඉදිරිපත් කරනු ලබන වාර්තාවෙන් හෙලිදරව් කල පාර්ශ්වකරුවන්ට නොතීසි ඉදිරිපත් කිරීම එම නඩුවේ පැමිණිලිකරු විසින් කල යුතු අතර, විත්තිකරුවකු විසින් අනාවරණය කරන ලද තැනැත්තන් හට අධිකරණය ආඥාවක් කරනු ලැබුවහොත් මිස එලෙස අනාවරණය කරන ලද විත්තිකරු විසින් එම හෙලිදරව් කල පාර්ශ්වකරුවන්ට නොතීසි නිකුත් කිරීම සදහා අධිකරණයට නොතිසි ඉදිරිපත් කල යුතුය.
මිනින්දෝරු ගාස්තු තැන්පත් කල යුත්තේ කෙසේද?
බෙදුම් නඩුවක මූලික මැනීම සිදු කිරීම සදහා අධිකාරිපත්‍රයක් නිකුත් කරනු ලැබූ විට එම අධිකාරිපත්‍රය ක්‍රියාවේ යෙදවීම සදහා ගෙවිය යුතු වියදම් ප්‍රමාණය අධිකරණය විසින් සහතික කරනු ලැබීමෙන් පසු එම මුදල් ප්‍රමාණය අධිකරණයේ තැන්පත් කල යුතුය.
උසාවි කොමසාරිස්වරයා අධිකාරිපත්‍රයෙන් නියම කර නොමැති ඉඩමක් මනින ලද අවස්ථාවක ගාස්තු ගෙවිය යුතුද?
උසාවි කොමසාරිස්වරයාට අධිකාරිපත්‍රයෙන් නියම කර ඇති ඉඩමට වඩා නඩුවේ විෂය වස්තුව විශාල විය යුතු නම් ඒ බව අධිකරණයට දන්වා එය මැනීමට අදාල නියෝග ලබා නොගෙන අමතර ඉඩමක් මැනීමක් සිදු කලහොත් ඒ සම්බන්ධයෙන් මිනින්දෝරු ගාස්තු ඔහුට අය කර ගත නොහැක .
මූලික පිඹුර හා වාර්තාව ඉදිරිපත් කල පසුව ඉදිරි පියවර කුමක්ද?
උසාවි කොමසාරිස් වරයා විසින් බෙදුම් පනතේ ප්‍රතිපාදන ප්‍රකාරව කටයුතු කරමින් මූලික පිඹුර සහ වාර්තාව අධිකරණයට ඉදිරිපත් කල පසු ඒවා පාර්ශ්වයන්ට සලකා බැලීම සදහා දිනයක් ලබා දීම සාමාන්‍ය සිරිතකි. එයට හේතුවී ඇත්තේ එම වාර්තාවේ නිවැරදි කිරීමක් කල හැකි යම් අඩුපාඩුවක් ඇත්නම් එය නිවැරදි කර බෙදුම් නඩුවේ ඉදිරි කටයුතු ඉදිරියට පවත්වා ගෙන යාමට හැකි වන ලෙසිනි.
බෙදුම් නඩුවක මුල් මැනීම හා වාර්තාව ඉදිරිපත් කල පසු විභාගයට නියම කිරීමට පෙර නඩු කාර්ය පටිපාටිය කුමක්ද?
බෙදුම් නඩුවකදී ඉඩමක මුල් මැනීම හා වාර්තාව ඉදිරිපත් කල පසුව පාර්ශවයන් විසින් එම පිඹුර හා වාර්තාව සලකා බලා ඒ සම්බන්ධයෙන් කිසිදු අඩුපාඩුවක් නොමැති නම් බෙදුම් නඩුවක සියලු පාර්ශ්වයන්ට සිතාසි නිකුත් කිරීම සිදුකල යුතු අතර, එලෙස සිතාසි ලැබූ සියළුම පාර්ශවයන් එකී පාර්ශ්වයන් විසින් බෙදීමට යෝජිත ඉඩම සම්බන්ධයෙන් තම තමන්ගේ අයිතිවාසිකම් හිමිකම් ප්‍රකාශ මගින් අධිකරණයට ඉදිරිපත් කල යුතුය.
යම් විත්තිකරුවකු විසින් පැමිණිල්ල සමග ඉදිරිපත් කර ඇති පෙලපත හබ කරන්නේ නම්, තම හිමිකම් ප්‍රකාශ සමග තමන් යෝජනා කරනු ලබන හිමිකම් ගලා යන ආකාරය දක්වන පෙලපත් සටහනක් සහ ඔප්පු සාරංශය ඉදිරිපත් කල යුතුව ඇත. එසේ කිරීමෙන් ඉඩමේ හිමිකම සම්බන්ධයෙන් නිවැරදි විනිශ්චයක් ලබා දීමට අධිකරණයට පහසුවේ.
තවද, විත්තිකරුගේ කොටස් උකසකට හෝ බද්දකට යටත්නම් හිමිකම් ප්‍රකාශයේ ඒ බව හෙලිකල යුතු බවට ප්‍රතිපාදන බෙදුම් නඩු පනතේ ඇත. පාර්ශ්වකරුවකු ලෙස එකතු නොකර ඇති එහෙත් ඉඩමට අයිතියක් හෝ සම්බන්ධතාවයක් ඇති පුද්ගලයකු දන්නේ නම් ඒ පිලිබදව හිමිකම් ප්‍රකාශයේ අනාවරණය කල යුතු බවද බෙදුම් නඩු පනතේ දක්වා ඇත.
තවද, නඩුව පවතිද්දී එම හිමිකම් ඉදිරිපත් කරන තැනැත්තා මිය ගිය හොත් ඒ වෙනුවට පත්කල යුතු නීත්‍යානුකූල නියෝජිතයා පිලිබඳවද හිමිකම් ප්‍රකාශයේ දැක්විය යුතු බවද පනතේ දක්වා ඇත.
යම් විත්තිකරුවකුට සිතාසි ලැබී අධිකරණය පැහැර හරින අවස්ථාවක ඇති වන තත්වය කුමක්ද?
නියමිත පරිදි සිතාසි ලැබුනු පසු යම් විත්තිකරුවකු අදාල දිනයේදි හිමිකම් ප්‍රකාශ ඉදිරිපත් කර නැත්නම් එම තැනැත්තාට විරුද්ධව ඒක පාර්ශ්විකව නඩුව විභාග කල යුතු බවටත්, අධිකරණයේ අවසරය නොලබා හබ මතු කිරීමට හෝ වෙනත් පාර්ශ්වකරුවකුගේ හිමිකම් පිලිබද විවාද කිරිමට හෝ ඔහුට හිමිකමක් නොමැති බවටද පනතේ දක්වා ඇත.
එහෙත් පැහැර හැරිය පාර්ශ්වකරුගේ හිමිකම් පෑමේ නිර්ව්‍යාජත්වය පිලිබඳ අධිකරණය සෑහීමට පත්වුවහොත් නඩු ගාස්තු සම්බන්ධයෙන් සහ හිමිකම් පෑමේ ප්‍රකාශයන් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් හෝ වෙනත් කරුණක් සම්බන්ධයෙන් සුදුසු යැයි අධිකරණය සලකන කොන්දේසි පිට එලෙස පැහැර හරින පාර්ශ්වකරුට හිමිකම් ප්‍රකාශයක් ඉදිරිපත් කර එම හිමිකම් ප්‍රකාශය බලපාන පාර්ශ්වකරුවන්ට දැනුම්දීමෙන් පසුව නඩුවට සහභාගී විය හැක.
එබැවින් ඔබට යම් බෙදුම් නඩුවක් පවතින්නේ නම් අදාල දිනයේදී ඔබ ඔබගේ හිමිකම ඉදිරිපත් කිරිම තුලින් ඔබගේ අයිතිවාසිකම් ලබා ගැනීමට හැකිවනවා පමණක් නොව, නඩුවේ විනිශ්චය අප්‍රමාදව ලබාගැනීමට හැකි වන බව ඔබ සිතේ තබා ගත යුතු කරුණක් වන්නේය.
බෙදුම් නඩුවකදී සාක්ෂි හා ලේඛන ලැයිස්තුව අධිකරණයට ගොනු කල යුත්තේ කෙසේද?
බෙදුම් නඩුවකදී පාර්ශවකරුවන් හිමිකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමෙන් පසු මෙම නඩුව විභාගයට දින නියම කරනු ලබන අතර, නඩු විභාගයේ දිනට දින 30කට ප්‍රථම පැමිණිල්ල හා සියළුම විත්තිකරුවන් සාක්ෂි සහ ලේඛන ලැයිස්තු ගරු අධිකරණයට ඉදිරිපත් කල යුතුය. එබැවින් ඔබගේ හිමිකම ඔප්පු කිරීමට අවශ්‍ය ලේඛන සහ සාක්ෂිකරුවන් පිලිබද විස්තර ඔබගේ නීතීඥවරයාට කල් ඇතිව ලබා දීම අත්‍යවශ්‍ය වන්නේය.
බෙදුම් නඩුවක නඩු විභාගයේ කාර්ය පටිපාටිය
වෙනත් නඩු වලදී මෙන්ම බෙදුම් නඩු වලදීද මුලින්ම පැමිණිලිකරු විසින් සාක්ෂි කැඳවීම සිදු කරනු ලබන අතර, සාමාන්‍යයෙන් පැමිණිල්ල විසින් මුලින්ම කැඳවනු ලබන්නේ මුල් මැනීම සිදු කල මූලික පිඹුර සහ වාර්තාව ඉදිරිපත් කල උසාවි කොමසාරිස්වරයාය. එයට හේතුවී ඇත්තේ බෙදුම් නඩුවේ විෂය වස්තුව නිවැරදිව හඳුනාගත් බවට අධිකරණයේ තහවුරු කල යුතුය. යම් හෙයකින් නඩුවේ විෂය වස්තුව මැන ඉදිරිපත් කරන ලද මූලික පිඹුරේ සඳහන් ඉඩම බවට තහවුරු නොවන්නේ නම් එවැනි අවස්ථාවකදී බෙදුම් නඩුව තවදුරටත් පවරා පවත්වා ගෙන යාමට නොහැක.
නඩුවේ විෂය වස්තුව හඳුනාගත් බවට අධිකරණයේ තහවුරු කිරීමට නොහැකි අවස්ථාවලදී අධිකරණයට බෙදුම් නඩුවේ පැමිණිල්ල නිශ්ප්‍රභා කිරීමට ආඥා කල හැකිය.
නඩුවේ විෂය වස්තුව තහවුරු වීමෙන් පසුව පැමිණිල්ල විසින් සාක්ෂි කැදවීමෙන් පසු විත්තිකරුවන්ට සාක්ෂි කැදවීමට නියම කරනු ලබයි. නඩු විභාගයේදී සෑම පාර්ශවකරුවකු විසින්ම එම ඉඩමට තමන්ට ඇති අයිතිවාසිකම් ඔප්පු, ලේඛන මගින් මෙන්ම සාක්ෂිකරුවන් කැඳවීමෙන් අධිකරණයේ ඔප්පු කල යුතුය. දෙපාර්ශවයේම සාක්ෂි අවසන් වීමෙන් පසු එම පාර්ශ්වයන් විසින් ඉදිරිපත් කරන ලද සාක්ෂි සහ ලේඛන සලකා බලා එම ඉඩමෙන් පාර්ශ්වකරුවන්ට හිමිවිය යුතු කොටස් ප්‍රමාණය සම්බන්ධයෙන් මුලින්ම අධිකරණය විසින් ආඥාවක් කරනු ලබන අතර, එය මුල් තීන්දුව හෙවත් අතුරු තීන්දුව ලෙස හදුන්වනු ලබයි.
තවද, අතුරු තීන්දුව ලබා දීමේදී එකී පාර්ශ්වකරුවන්ගේ හිමිකම් වල කොටස් අනුපාතයේ එකතුව සම්පූර්ණ එකක් නොවන අවස්ථාවන්හිදී එම ඉතිරි කොටස වෙන්කොට නොදී තිබීමට හැරිය යුතු බවට ආඥාවක් කිරීමටද අධිකරණයට බලය ඇත.
බෙදුම් නඩුවක මුල් තීන්දු ප්‍රකාශය මගින් කිනම් ආඥා කල හැකිද?
බෙදුම් නඩුවක දිය හැකි ආඥාවන් 26(2) වගන්තියේ දක්වා ඇත. ඒ අනුව කරනු ලබන ආඥා එකිනෙක අතර අනනුකූලතාවයක් ඇති නොවන ආකාරයෙන් පහත සදහන් ආඥා අතරින් එකක් හෝ ඊට වැඩි ගණනක් හෝ මුල් තීන්දු ප්‍රකාශයට ඇතුලත් කරනු ලැබිය හැකිය.
(අ) ඉඩම බෙදා වෙන් කිරීම සඳහා වූ ආඥාව,
(ආ) සම්පූර්ණ ඉඩම එකක් වශයෙන් හෝ එය කැබලි වලට කඩා හෝ විකිණිම සඳහා වූ ආඥාව,
(ඇ) ඉඩමේ කොටසක් හෝ පංගුවක් හෝ විකිණීමත් ශේෂය බෙදා වෙන් කිරීමත් සඳහා වූ ආඥාව,
(ඈ) ඉඩමේ යම් පාර්ශ්වකරුවකුගේ කොටස නියෝජනය කෙරෙන යම් පංගුවක් පමණක් මායිම් ලකුණු කොට ඉඩමේ ශේෂ කොටසින් වෙන් කරන ලෙස සඳහා වූ ආඥාව,
(ඉ) ඉඩමේ යම් නිශ්චිත පංගුවක් නිශ්චය වශයෙන් සදහන් කරන පාර්ශ්වකරුවන් හෝ පාර්ශ්වකරුවන් කණ්ඩායමක් අතර හෝ පොදුවේ තවදුරටක් අයිතිව තිබිය යුතු බවටවූ ආඥාව ,
(ඊ) බෙදා වෙන් කිරීමට හෝ මනිනු ලැබීමට අදහස් කර ඇති ඉඩමේ යම් නිශ්චිත පංගුවක් නඩුවේ විෂය වස්තුවෙන් බැහැර කල යුතු බවටවූ ආඥාව,
(උ) යම් කොටසක් වෙන් කොට නොදී තිබෙන්නට හැරිය යුතු බවට වූ ආඥාව
යම් පාර්ශ්වකරුවකුට හිමි වන කොටස අල්ප වන අවස්ථාවකදී බෙදුම් නඩුවක කුමන තත්වයක් ඇති වේද?
බෙදුම් නඩු පනතට 1997 වර්ෂයේදි කරන ලද සංශෝධනය පරිදි බිම් ප්‍රමාණයෙහි හිමිකම තිබුනද, බිම් ප්‍රමාණය හෝ වටිනාකමේ අල්ප බව හේතුවෙන් හෝ සංවර්ධන කාර්ය සඳහා ඉඩම බෙදා වෙන් කිරීම් විධිමත් කරන යම් ලිඛිත නීතියක නියමිත අවම ප්‍රමාණයට වඩා ඒ තැනැත්තාට බෙදා වෙන් කල බිම් කට්ටිය අඩු නම් හා ඒ අනුව එසේ වෙන් කර දීම අවස්ථාවෝචිත නොවන බව අධිකරණය සලකන අවස්ථාවක ඒ කොටස හිමි තැනැත්තාට වන්දි ගෙවීම මත වෙනත් පාර්ශවයකට ඒ කොටසද ඇතුළුව කොටසක් වෙන් කර දිය හැකිය. මෙහිදී සංවර්ධන කාර්යයන් ලෙස සලකනු ලබන්නේ එම ඉඩම අයත් පලාත් පාලන ආයතන වල නේවාසික සංවර්ධනය සඳහා අවශ්‍ය වන අවම බිම් ප්‍රමාණය මතය. මෙය එකම දිස්ත්‍රික්කයක් තුල පිහිටි පලාත් පාලන ආයතන අතරද එකිනෙකට වෙනස් වන අනු නීති ඇති බව සැලකිය යුතුය. ඒ අනුව බිම් ප්‍රමාණයද වෙනස් විය හැකි බව සැලකිය යුතුය.
හොඳම ඉඩමක නිවස සාදන්න
වාස්තු විද්‍යානුකූලව නිවසක් සෑදීම සඳහා ප‍්‍රථමයෙන් ඉඩමක් තෝරාගත යුතුය. ඒ සඳහා අවධානය යොමු කළ යුතු කරුණු කීපයක් තිබේ. මේ කරුණුවල පෙනෙන සාධක හා නොපෙනෙන සාධක යන දෙකම ඇත.
ඔබ ඉඩමක් ගැනීමේදී පහත සඳහන් අභියෝග ඒ ඉඩමට තිබේ නම් ඒ ඉඩම අත්හරින්න.
1. අකුණු වැදුණු ඉඩම්, ගල්කොරි සහිත ඉඩම් සොහොන් බිම්, සෑම තැනම හුඹස් බැඳ ඇති ඉඩම්, නිතර දිය සීරාව ඇති ඉඩම්, කොඩිවින හූනියම් කර ඇති බවට ස්ථිරවම දැනගැනීමට ඇති ඉඩම්, මැණික් ගැරීමෙන්, ගඩොල් කැපීමෙන්, වළවල් හා අගල් සහිතව නිතරම මඩ වන ඉඩම් ගැනීමෙන් වළකින්න.
2. නෛතික වශයෙන් ගත් විට හවුල් ඉඩම්, ඉඩමේ ඉතිහාසය බැලූ විට අයිතිවාසිකම් පැහැදිලි නැති ඉඩම්, යාබද ඉඩම් කොටසට අදාළව අනාගතයේදී යෙදෙන වැඩසටහන අනුව පවරා ගැනීමට ලක්වන ඉඩම්
ගැනීමෙන් වළකින්න.
3 ඉඩමක් ගැනීමට පෙර ඒ ඉඩමට ඇති යටිතල පහසුකම් සොයා බලන්න. විශේෂයෙන්ම ගමනාගමන පහසුකම් තිබිය යුතුයි. කුමන හෝ ක‍්‍රමයකට ජලය තිබිය යුතුයි. විදුලිබල පහසුකම් තිබේද එය අත්‍යාවශ්‍යයි. පාසල්, රෝහල්, බැංකු, පූජනීය ස්ථාන වැනි පහසුකම් තිබිය යුතුයි. මීට පෙර පදිංචිව සිටි මිනිසුන්ට කිසිම දියුණුවක් සිදු නොවේ නම්, ආගන්තුක කරදර නිතර යෙදුණේ නම්, ඒ ඉඩම ගැනීමෙන් වළකින්න.
4. මීට පෙර පදිංචි වූ අයට නිතර රෝග පීඩා ඇතිවූවා නම්, එහි පදිංචිව සිටි අය අකල් මරණවලට ලක් වූවානම් ඒ භූමිය ගැනීමෙන් වළකින්න.
5. පූජනීය ස්ථානවලට අදාළ ඉඩම්, පුරාවස්තු සහිත ඉඩම්, යක්ෂ, භූත, පේ‍්‍රත, පිශාච, කුම්භාණ්ඩ බැල්ම ඇති බවට ස්ථිර සාධක ඇති ඉඩම් ගැනීමෙන් වළකින්න.
6. සොහොන් පිටි, සත්ව ඝාතන ස්ථාන ආසන්නයේ ඇති ඉඩම් මීට පෙර භාවිත කළ වැසිකිළි සහිත ඉඩම්, කර්මාන්තශාලාවල අපද්‍රව්‍ය රැුස් කරන ඉඩම්, මිලදී
ගැනීමෙන් වළකින්න.
7. අධිබලැති විදුලි රැහැන් යට ඇති ඉඩම්, ගිනිගත් ගොඩනැඟිලි පිහිටි ඉඩම්, වරින් වර ජල ගැල්මට ලක්වන ඉඩම්, නාය යාම්වලට භාජන විය හැකි බවට වාර්තා ඇති ඉඩම් ගැනීමෙන් වළකින්න.
8. ආරක්‍ෂක පුහුණු කඳවුරු අසල ඇති ඉඩම් ද සුදුසු නැත. එහි සඳහන් පාඨමාලා අනුව, රාති‍්‍ර කාලයේ වෙඩි පුහුණු පාඨමාලාවේ පිපිරීම් නිසා ඔබ මානසික පීඩාවට පත් වේ. ගම් මැද පිහිටි එවැනි කඳවුරු අවට භූමි සොයා බලන්න. දැනට අකුරම්බොඩ විදුහල කලක් ආරක්‍ෂක පුහුණු කඳවුරක්ව තිබුණේය. හොරණ ආසන්නයේ පිහිටි කුඹුක පුහුණු කඳවුර අදටත්
ගම්මානයක් මැද ඇත. ඒ අවට ඉඩම්වල පදිංචිකරුවන්ට පුහුණු කටයුතුවල ස්වභාවය ජීවන ක‍්‍රමයට බාධාවක් වී ඇත. වෙඩි තලා අසලදී ඉලක්ක වැරදීම් අනුව අවට පදිංචි ඉඩම්වලට උණ්ඩ වැටෙන අවස්ථා ඇත. ඒවා මාරාන්තික නොවූවද තුවාල සිදු කිරීමට ප‍්‍රමාණවත්ය. කුඩා ළමයින්ට නම් තරමක් බරපතළ තුවාල වීමට ඉඩ ඇත.
9. විශාල ලෙස කළු ගල් පැතිරී ඇති බිම් මිලදී
ගැනීමට සුදුසු නැත. ගමන් අපහසුව හා ජල අපහසුව සේම එම භූමියේ වගා කටයුතු කිරීම අපහසු නම් එම භූමිය මිලදී ගැනීම සුදුසු නැත.
10. යම් යම් ප‍්‍රදේශවලට අනුව පර්ච්. 1 ක ස්ථාවර මිලක් ඇත. ප‍්‍රදේශයේ හැටියට පමණට වඩා ලාභ ඉඩම් ගැන අවධානයෙන් සිටින්න. ඉඩම ලාභ කිරීමට හේතුව අවදානමක් විය හැක.
11. ගම් දෙකක් බෙදෙන තැන රජයේ බෙදීම් අනුව එම ගම් දෙකටම අයිති වන ඉඩම් සුදුසු නැත. ප‍්‍රසිද්ධ මාර්ග දෙකකට මායිම් වන ආකාරයට පිහිටි තීරු ඉඩම් පදිංචියට සුදුසු නැත. නාගයන්, ගැරඬින් වැනි සර්පයන් නිතර ගැවසෙන ඉඩම් සුදුසු නැත.
12. ඉඩමේ ගවයෙක් බැඳීමෙන් ඒ ගවයා කුලප්පු වේ නම්, ඒ ඉඩම මිලදී ගැනීම සුදුසු නැත. අධිවේගී මාර්ගවලට අනාගතයේදී යටවන ඉඩම්, අධි ආරක්ෂිත කලාපවලට අයිති ඉඩම්, අතීතයේ යම් යම් සිද්ධීන් උඩ සාපයට ලක්වූ ඉඩම් මිලදී ගැනීමට සුදුසු නැත.
13. ඇළදොළවල් ගලා ගෙන යන විට එහි ශබ්දය ඇසෙන සීමාවේ ඇති ඉඩම් පදිංචියට සුදුසු නැත. ජනප‍්‍රවාදයට අනුව උමං මාර්ග සහිත ඉඩම් මිලදී
ගැනීමෙන් වළකින්න.
14. මනුස්ස ඝාතනයට ලක්වූ ඉඩම්, නිතර වාහන අනතුරු සිදුවන ස්ථානයකට ආසන්නව ඇති ඉඩම් භූමියේ ඇති බොහෝ ගස්වල බෙන සහිත නම්, එම ඉඩම් පදිංචියට සුදුසු නැත. නිතර, නිතර සොරුන්ගේ අනර්ථයට ලක්වන ඉඩම්, පූජනීය ගස් වන බෝ, නුග, වැනි ගස් අයිති ඉඩම්, කපුටන්, වවුලන් හා වෙනත් කුරුල්ලන් වාසය කරන ඉඩම් පදිංචියට සුදුසු නැත.
15. ඉඩමේ හැඩ තලය ගැන බලන්න. ති‍්‍රකෝණාකාර ඉඩම්, උල් හැඩයේ ඉඩම්, පදිංචියට සුදුසු නැත. ප‍්‍රයෝග සම්පත්තියෙන් ඒ ඉඩම්වලට සුදුසු හැඩතලයන් ගැනීමට හැකි දැයි බලන්න. එසේ ගැනීමට නොහැකි නම්, මිලදී ගැනීමෙන් වළකින්න. ප‍්‍රසිද්ධ නාන තොටුපළක් අසල ඇති ඉඩම් සහ දිගු කලක් තිස්සේ ඉඩම් නඩුවලට ලක්වූ ඉඩම් මිලදී ගැනීමෙන් වළකින්න.
16. විෂම භාහු සහිත ඉඩම්, බ‍්‍රහත්මුක හැඩයේ ඉඩම්, ශකට හැඩයේ ඉඩම්, පොරෝ තලයේ හැඩය ඇති ඉඩම්, දුන්නක හැඩතල ගත් ඉඩම්, පනා බෙරයක හැඩය ගත් ඉඩම්, කුල්ලක හැඩය ගත් ඉඩම් මිලදී
ගැනීමෙන් වළකින්න.
17. භූමියේ ඇති ගස් කොළන් දෙස බලන්න. ඒවා නිසරු නම්, අතු කඩාවැටෙනවා නම් එම ඉඩම මිලදී ගැනීමෙන් වළකින්න.
18. මැති ඇමැතිවරුන්ගේ නිවෙස් අසල ඉඩම් ද, සාමාන්‍ය මිනිසාට පදිංචි වීමට සුදුසු නැති බව කියා ඇත. මත්පැන් ශාලා ළඟ, රාති‍්‍ර සමාජශාලා ළඟ ඇති ඉඩම් ද මිලදී ගැනීමෙන් වළකින්න.
රඹුක්කන හේළි සරත් රාජකරුණා
ඔබ ඉඩමක් ගැනීමේදී පහත සඳහන් අභියෝග ඒ ඉඩමට තිබේ නම් ඒ ඉඩම අත්හරින්න.
1. අකුණු වැදුණු ඉඩම්, ගල්කොරි සහිත ඉඩම් සොහොන් බිම්, සෑම තැනම හුඹස් බැඳ ඇති ඉඩම්, නිතර දිය සීරාව ඇති ඉඩම්, කොඩිවින හූනියම් කර ඇති බවට ස්ථිරවම දැනගැනීමට ඇති ඉඩම්, මැණික් ගැරීමෙන්, ගඩොල් කැපීමෙන්, වළවල් හා අගල් සහිතව නිතරම මඩ වන ඉඩම් ගැනීමෙන් වළකින්න.
2. නෛතික වශයෙන් ගත් විට හවුල් ඉඩම්, ඉඩමේ ඉතිහාසය බැලූ විට අයිතිවාසිකම් පැහැදිලි නැති ඉඩම්, යාබද ඉඩම් කොටසට අදාළව අනාගතයේදී යෙදෙන වැඩසටහන අනුව පවරා ගැනීමට ලක්වන ඉඩම්
ගැනීමෙන් වළකින්න.
3 ඉඩමක් ගැනීමට පෙර ඒ ඉඩමට ඇති යටිතල පහසුකම් සොයා බලන්න. විශේෂයෙන්ම ගමනාගමන පහසුකම් තිබිය යුතුයි. කුමන හෝ ක‍්‍රමයකට ජලය තිබිය යුතුයි. විදුලිබල පහසුකම් තිබේද එය අත්‍යාවශ්‍යයි. පාසල්, රෝහල්, බැංකු, පූජනීය ස්ථාන වැනි පහසුකම් තිබිය යුතුයි. මීට පෙර පදිංචිව සිටි මිනිසුන්ට කිසිම දියුණුවක් සිදු නොවේ නම්, ආගන්තුක කරදර නිතර යෙදුණේ නම්, ඒ ඉඩම ගැනීමෙන් වළකින්න.
4. මීට පෙර පදිංචි වූ අයට නිතර රෝග පීඩා ඇතිවූවා නම්, එහි පදිංචිව සිටි අය අකල් මරණවලට ලක් වූවානම් ඒ භූමිය ගැනීමෙන් වළකින්න.
5. පූජනීය ස්ථානවලට අදාළ ඉඩම්, පුරාවස්තු සහිත ඉඩම්, යක්ෂ, භූත, පේ‍්‍රත, පිශාච, කුම්භාණ්ඩ බැල්ම ඇති බවට ස්ථිර සාධක ඇති ඉඩම් ගැනීමෙන් වළකින්න.
6. සොහොන් පිටි, සත්ව ඝාතන ස්ථාන ආසන්නයේ ඇති ඉඩම් මීට පෙර භාවිත කළ වැසිකිළි සහිත ඉඩම්, කර්මාන්තශාලාවල අපද්‍රව්‍ය රැුස් කරන ඉඩම්, මිලදී
ගැනීමෙන් වළකින්න.
7. අධිබලැති විදුලි රැහැන් යට ඇති ඉඩම්, ගිනිගත් ගොඩනැඟිලි පිහිටි ඉඩම්, වරින් වර ජල ගැල්මට ලක්වන ඉඩම්, නාය යාම්වලට භාජන විය හැකි බවට වාර්තා ඇති ඉඩම් ගැනීමෙන් වළකින්න.
8. ආරක්‍ෂක පුහුණු කඳවුරු අසල ඇති ඉඩම් ද සුදුසු නැත. එහි සඳහන් පාඨමාලා අනුව, රාති‍්‍ර කාලයේ වෙඩි පුහුණු පාඨමාලාවේ පිපිරීම් නිසා ඔබ මානසික පීඩාවට පත් වේ. ගම් මැද පිහිටි එවැනි කඳවුරු අවට භූමි සොයා බලන්න. දැනට අකුරම්බොඩ විදුහල කලක් ආරක්‍ෂක පුහුණු කඳවුරක්ව තිබුණේය. හොරණ ආසන්නයේ පිහිටි කුඹුක පුහුණු කඳවුර අදටත්
ගම්මානයක් මැද ඇත. ඒ අවට ඉඩම්වල පදිංචිකරුවන්ට පුහුණු කටයුතුවල ස්වභාවය ජීවන ක‍්‍රමයට බාධාවක් වී ඇත. වෙඩි තලා අසලදී ඉලක්ක වැරදීම් අනුව අවට පදිංචි ඉඩම්වලට උණ්ඩ වැටෙන අවස්ථා ඇත. ඒවා මාරාන්තික නොවූවද තුවාල සිදු කිරීමට ප‍්‍රමාණවත්ය. කුඩා ළමයින්ට නම් තරමක් බරපතළ තුවාල වීමට ඉඩ ඇත.
9. විශාල ලෙස කළු ගල් පැතිරී ඇති බිම් මිලදී
ගැනීමට සුදුසු නැත. ගමන් අපහසුව හා ජල අපහසුව සේම එම භූමියේ වගා කටයුතු කිරීම අපහසු නම් එම භූමිය මිලදී ගැනීම සුදුසු නැත.
10. යම් යම් ප‍්‍රදේශවලට අනුව පර්ච්. 1 ක ස්ථාවර මිලක් ඇත. ප‍්‍රදේශයේ හැටියට පමණට වඩා ලාභ ඉඩම් ගැන අවධානයෙන් සිටින්න. ඉඩම ලාභ කිරීමට හේතුව අවදානමක් විය හැක.
11. ගම් දෙකක් බෙදෙන තැන රජයේ බෙදීම් අනුව එම ගම් දෙකටම අයිති වන ඉඩම් සුදුසු නැත. ප‍්‍රසිද්ධ මාර්ග දෙකකට මායිම් වන ආකාරයට පිහිටි තීරු ඉඩම් පදිංචියට සුදුසු නැත. නාගයන්, ගැරඬින් වැනි සර්පයන් නිතර ගැවසෙන ඉඩම් සුදුසු නැත.
12. ඉඩමේ ගවයෙක් බැඳීමෙන් ඒ ගවයා කුලප්පු වේ නම්, ඒ ඉඩම මිලදී ගැනීම සුදුසු නැත. අධිවේගී මාර්ගවලට අනාගතයේදී යටවන ඉඩම්, අධි ආරක්ෂිත කලාපවලට අයිති ඉඩම්, අතීතයේ යම් යම් සිද්ධීන් උඩ සාපයට ලක්වූ ඉඩම් මිලදී ගැනීමට සුදුසු නැත.
13. ඇළදොළවල් ගලා ගෙන යන විට එහි ශබ්දය ඇසෙන සීමාවේ ඇති ඉඩම් පදිංචියට සුදුසු නැත. ජනප‍්‍රවාදයට අනුව උමං මාර්ග සහිත ඉඩම් මිලදී
ගැනීමෙන් වළකින්න.
14. මනුස්ස ඝාතනයට ලක්වූ ඉඩම්, නිතර වාහන අනතුරු සිදුවන ස්ථානයකට ආසන්නව ඇති ඉඩම් භූමියේ ඇති බොහෝ ගස්වල බෙන සහිත නම්, එම ඉඩම් පදිංචියට සුදුසු නැත. නිතර, නිතර සොරුන්ගේ අනර්ථයට ලක්වන ඉඩම්, පූජනීය ගස් වන බෝ, නුග, වැනි ගස් අයිති ඉඩම්, කපුටන්, වවුලන් හා වෙනත් කුරුල්ලන් වාසය කරන ඉඩම් පදිංචියට සුදුසු නැත.
15. ඉඩමේ හැඩ තලය ගැන බලන්න. ති‍්‍රකෝණාකාර ඉඩම්, උල් හැඩයේ ඉඩම්, පදිංචියට සුදුසු නැත. ප‍්‍රයෝග සම්පත්තියෙන් ඒ ඉඩම්වලට සුදුසු හැඩතලයන් ගැනීමට හැකි දැයි බලන්න. එසේ ගැනීමට නොහැකි නම්, මිලදී ගැනීමෙන් වළකින්න. ප‍්‍රසිද්ධ නාන තොටුපළක් අසල ඇති ඉඩම් සහ දිගු කලක් තිස්සේ ඉඩම් නඩුවලට ලක්වූ ඉඩම් මිලදී ගැනීමෙන් වළකින්න.
16. විෂම භාහු සහිත ඉඩම්, බ‍්‍රහත්මුක හැඩයේ ඉඩම්, ශකට හැඩයේ ඉඩම්, පොරෝ තලයේ හැඩය ඇති ඉඩම්, දුන්නක හැඩතල ගත් ඉඩම්, පනා බෙරයක හැඩය ගත් ඉඩම්, කුල්ලක හැඩය ගත් ඉඩම් මිලදී
ගැනීමෙන් වළකින්න.
17. භූමියේ ඇති ගස් කොළන් දෙස බලන්න. ඒවා නිසරු නම්, අතු කඩාවැටෙනවා නම් එම ඉඩම මිලදී ගැනීමෙන් වළකින්න.
18. මැති ඇමැතිවරුන්ගේ නිවෙස් අසල ඉඩම් ද, සාමාන්‍ය මිනිසාට පදිංචි වීමට සුදුසු නැති බව කියා ඇත. මත්පැන් ශාලා ළඟ, රාති‍්‍ර සමාජශාලා ළඟ ඇති ඉඩම් ද මිලදී ගැනීමෙන් වළකින්න.
රඹුක්කන හේළි සරත් රාජකරුණා
මහා වාස්‌තු අනුව ඔබට හිමි ඉඩම තෝරා ගන්නේ මෙහෙමයි
මහා වාස්‌තු ශිල්පීය සිද්ධාන්ත වලට එකඟව ඔබට හිමි ජය බිම තෝරා ගන්නා පිළිවෙල ඔබට නිවැරදිව සහ පිළිවෙලට කියා දෙන්නම්. මෙහිදී ඔබ විසින් ඉතා සූක්‍ෂමව හා නිවැරදිව ඔබගේ ජය භූමිය තෝරා ගැනීමට දක්‍ෂ විය යුතුයි. වාස්‌තු ශිල්පය තුළින් සිදුකරනු ලබන්නේ ඔබට ඊට අවැසි ශිල්පීය මග පෙන්වීම සිදුකිරීම පමණයි. කර්ම ශක්‌තිය අනුව විශ්ව ශක්‌තියේ පිහිට පිළිසරණ ලබා ගැනීමට සෑම පුද්ගලයකුටම හැකියාවක් පවතින බව වාස්‌තු ශිල්පය තුළ පෙන්වාදී ඇත්තේ එබැවිනි. ඔබගේ සම්පත් ගෘහය ඉදිකිරීමට අවැසි ඉඩම තෝරා ගන්න අවශ්‍ය මූලික වාස්‌තු සිද්ධාන්ත හා වත්පිළිවෙත් තුළින් ඔබගේ කර්ම ශක්‌තියට අවැසි විශ්ව ශක්‌තිය බලවත් කර ගන්න. සමහර කෙනකුට තමන්ගේ පරම්පරාවෙන් ඉඩම් කැබැල්ලක් හිමිවන අතර තවත් කෙනෙක් මුදල් දී ඉඩම් හිමිකරනු ලබයි. පරම්පරාවෙන් ඔබට ඉඩමක් හිමිවුවද මුදල් දී ඔබ ඉඩම් කැබැල්ලක් මිලදී ගත්ත ද එම භූමියට විශ්ව ශක්‌තිය කාන්දු කොට එය ඔබට බලගැන්වීම කළයුතු වෙනවා. එවිට එම ඉඩමේ හැඩතලවල හා බෑවූමේ දෝෂ පැවතිය ද ඒවායේ දෝෂ බලවත් නොවන පරිදි ගෘහයක් සෑදීමේ හැකියාව වාස්‌තු ශිල්පය තුළ පවතිනවා. එසේ වුවද ඔබ සෑම විටම මූලික සිද්ධාන්තවලට ගැලපෙන ලෙස භූමිය තෝරාගත හැකි විටකදී එය සිදුකිරීම වැදගත් වෙනවා.
ඉඩමේ හැඩය
පළමුකොටම කිව යුතු වෙනවා ඉඩමක හැඩය පිළිබඳව වැඩි සැලකිල්ලක් දැක්‌විය යුත්තේ පර්චස් 40 කට අඩු ඉඩම් මිලදී ගැනීමේදී පමණයි.
ඉතා යහපත් හැඩතල
ඉහතින් පෙන්වාදී ඇති හැඩතල අනුව ඉඩම්වල යහපත් සහ අයහපත් බවට වර්ගීකරණයක් දක්‌වා තිබුණ ද එම වර්ගීකරණය අදාළ වන්නේ පර්චස් 40කට අඩු ඉඩම් වලට බව මතක තබා ගත යුතු අතර වැරදි හැඩතලයක් සහිත ඉඩමක වුවද එහි දෝෂය බලවත් නොවන ලෙස නිවාසයක් ඉදිකිරීමේදී වාස්‌තු ශිල්පීය ක්‍රමවේදයන් පවතින බව ද මතක තබා ගන්න. මෙහිදී විශේෂයෙන් ඉඩමේ වැරදි හැඩයට අනුපාත නොවන ලෙස ඔබගේ නිවාස සැලැස්‌ම සකස් කර ගැනීමෙන් ඉඩමේ හැඩයේ පවතින දෝෂයන් බලවත් නොවේ.
ඉඩමේ බෑවුම
ඔබ ඉඩමක් මිලදී ගැනීමේදී ඉඩමේ යහපත් හැඩය පිළිබඳව සැලකිලිමත් වූ පසුව එම ඉඩමේ බෑවුම පිළිබඳව අවධානය යොමු කරමු.
යහපත් අනතියන්
අයහපත් දිශාවන්
බෑවුම පිළිබඳව ඔබ අවධානය යොමු කිරීමේදී ඒ හා බැඳුණු මහා වාස්‌තු ශිල්පය සිද්ධාන්තයන් පිළිබඳව ද දැනුවත් විය යුතුයි. භූමියක බෑවුම පිළිබඳව අවධානය යොමු කිරීමේදී සූර්ය ශක්‌තිය සහ විශ්ව ශක්‌තිය එම ඉඩමට උරාගැනීමේ බලවත්කම අනුව බෑවුමක යහපත් සහ අයහපත් බව තීරණය කරනු ලැබේ. මෙහිදී අංශක 15 කට වැඩි බෑවුම උදෙසා මෙම න්‍යායන් යොදා ගැනීම ඉතාමත් ප්‍රායෝගික වේ.
ඉඩමේ දිශාව
ඔබගේ ඉඩම තෝරා ගැනීමේදී එම ඉඩමේ දිශාවන් පිළිබඳව නිශ්චිතව හඳුනා ගැනීම වැදගත් වෙනවා. ඉඩමේ මුහුණත අනුව ඉඩමේ දිශාව තීරණය වන අතර ඉඩමේ මුහුණත් තීරණය වන්නේ එම ඉඩමට යෙදී ඇති ප්‍රවේශ මාර්ගය අනුව වේ.
ඉඩමට ප්‍රවේශ මාර්ගය යෙදීමේ ක්‍රම යෙදයි
සමහර ඉඩම්වල වෙනස් කළ නොහැකි සාධක පවතිනවා. ඒවා අතර හැඩය, බෑවුම සහ ප්‍රවේශ මාර්ගය වැදගත් වෙනවා. එම කරුණු අතදීන් ඉතාමත්ම වැදගත් සාධකයක් ලෙස ඉඩමට යෙදී ඇති ප්‍රවේශ මාර්ගය පෙන්වා දිය හැකියි. ඔබ තෝරා ගන්නා ඉඩමට නිරිත දිශාවෙන් හෝ ඊශාන දිශාවෙන් ප්‍රවේශ මාර්ගය යෙදී නොමැති නම් එම ඉඩම ඉතා යහපත් වන අතර නිරිත සහ ඊශාන ප්‍රවේශ මාර්ග සහිත ඉඩම් දෝෂ බලවත් කිරීමට උපකාර වේ. එවැනි විටකදී ඔබගේ ගෘහයේ වාස්‌තු සිද්ධාන්ත බලවත් කිරීමෙන් ප්‍රවේශ දෝෂ ඉවත් කළ හැකි වේ.
ප්‍රවේශ දෝෂ ඉවත් කිරීම
ඔබට ඇති එකම ඉඩමට ප්‍රවේශය යෙදී ඇත්තේ ඊශාන හෝ නිරිත දිසාවේ නම් ඔබ ඔබගේ ගෘහයේ වාස්‌තු සිද්ධාන්ත වඩාත් බලවත් කළ යුතු වේ. එහිදී ඊශාන දිශාව සහ නිරිත දිශාව ඉතාමත් පිරිසිදුව පවත්වා ගත යුතු අතර ගෘහයේ මංගල ද්වාරය කිසිම විටක නිරිත දිශාවේ නොතැබිය යුතු අතර ඊශාන ප්‍රවේශයක් ඇත්නම් ප්‍රවේශය අසළ දේව වෘක්‍ෂ කොහොඹ පැලයක් සිටුවන්න. නිරිත ප්‍රවේශයක් ඇත්නම් ශ්‍රියා ඵල ඛෙලි ශාඛයක් සිටුවන්න. මීට අමතරව සුදු සඳුන් පැළයක් සිටුවීම ද ඉතා යහපත් වනු ඇත. මීටත් අමතරව කිසිම විටක ප්‍රවේශයේ යෙදෙන ප්‍රවේශ ගේට්‌ටුව සඳහා කළු වර්ණය සහ ත්‍රි ෂූල් සහිත සිරස් උල් සහිත හැඩතල නොයෙදිය යුතු අතර සෑම විටම ඔබගේ ගේට්‌ටුව තමන්ගේ ඉඩම තුළට විවෘත වන ලෙස හෝ පැත්තකට තල්ලූකරන ලෙස යෙදීම කළ යුතුයි.
දෝෂ නැති ගෙයක් සෑදීමට පෙර දෝෂ නැති ඉඩමක්
ශ්‍රී යා කාන්තාව වඩින නිවෙසක් ඉදිකිරීමේ සුබ සිහිනය සැබෑ කර ගැනීමට අවශ්‍ය සුවිශේෂී වාස්තු විද්‍යාත්මක කරුණු ටිකක් ඔබ සැමට පැහැදිලි කර දීම මෙම ලිපියේ අරමුණ වෙයි. පළමුවෙන් ඔබ ඉඩමක් මිලදී ගත යුතුය.
අද බොහෝ දෙනකුට මේ පිළිබඳ නිසි අවබෝධයක් නොමැතිකම නිසාම පදිංචියට සුදුසු නැති තැන්වල ඉඩම් මිලදීගෙන අමාරුවේ වැටෙන අවස්ථා අනන්තවත් ඇත. ඉඩම් කැබැලි කර විකුණන ස්ථානයකට ගිය ගමන්ම විශාල අත්තිකාරම් මුදලක් දෙන්න යන්න එපා. ඔබ මිලදී ගැනීමට යන්නේ ඉඩම් කැබැලි කර විකුණන සමාගමකින් නම් ඔවුන්ගෙන් ඉඩමේ විස්තර ඇතුළත් අත්පත්‍රිකාවක් ලබා ගත හැකිය. ඔබ හොඳට මෙම අත්පත්‍රිකාව පරීක්ෂා කර බලන්න. මේ කිසිදු එකක ඉඩමේ උතුර දක්වන සටහන යොදා නොමැත.
එය කපටිකමකි. උතුර කුමන පැත්තටද ඇත්තේ කියා ඇසුවාම ඔවුන් උඩබිම බලයි. ඔබ මින්පසු කිසි දිනක හිස් අතින් ඉඩම් බැලීමට නොයන්න. මාලිමාවක් මිලදී ගන්න. මාලිමාව පිළිබඳ පළමුව ඉගෙන ගන්න. මෙම ලිපියේ සඳහන් කර ඇති උපදෙස් හොඳට පිළිපදින්න. ඉඩම සුබ නම් නිවෙසත් සුබ වෙයි. ඉඩමක් මිලදී ගැනීමේදී හොඳට පරීක්ෂා කර බැලිය යුතු නීත්‍යනුකූල ලියවිලි කීපයක් ඇති අතර ඉඩමක තිබිය යුතු හොඳ වාස්තු විද්‍යාත්මක ගුණාංගයන් කුමක්ද යන්න පිළිබඳ ඔබ අනිවාර්යයෙන්ම දැනුවත් විය යුතුයි.
නීත්‍යනුකූල ලියවිලි මෙන්ම
සැලකිලිමත් වියයුතු
සුවිශේෂී කරුණු
1. ඉඩමේ ඔප්පුව නිවැරැදිද, නිරවුල්ද?
2. ඉඩම් ලියාපදිංචි කාර්යාලයෙන් අවුරුදු 30ක්ම පමණ අෑතට ඔප්පු සාරාංශ පිටපත් පරීක්ෂා කිරීමෙන් ආරවුල් තිබේද යන්න සොයා ගත හැකිය.
3. මිනින්දෝරු සැලැසුම තිබේද? (ඉභපමඥර ර්ථීතචද)
4. මහ නගර සභා, නගර සභා ඇතුළු ප්‍රාදේශීය සභාවල නීතිරීතිවලට අනුගත වී ඇත්ද? ලබා ගත යුතු ලියවිලිවල නිරවද්‍යතාවද පරීක්ෂා කර බලන්න.
5. වීදි රේඛාවලට අයත් දුර ප්‍රමාණ නිවැරැදිද යන්න පරීක්ෂා කර බලන්න.
6. ඉදිරි කාලවලදී ඉඩමෙන් මහා මාර්ගවලට, අධිවේගී මාර්ගවල හෝ වෙනත් රක්ෂිතයන්ට (අඥඵඥපමචබඪධද) වෙන් කර තිබේද?
7. ජලය, විදුලිය, මහාමාර්ග පද්ධති පහසුකම් තිබේද? ජල සැපැයුමක් නොමැති නම් ළිං කැපීමට සුදුසු භූමියක්ද?
8. වැසි වතුර බැස යන කානු පද්ධතියක් තිබේද? ගංවතුර උවදුරුවලට බලපාන පහත් භූමිද?
9. දෙමංසල, තුන්මංසල, සිව්මංසල යන හන්දිවලට ඉඩම එක එල්ලේ මුහුණ දා තිබේද? (මෙවැනි ඉඩම් අසුබය)
10. ඉඩමේ හැඩය, බෑවුම, පස, ඉඩමට උතුරු දිශාව යෙදෙන්නේ ඉඩමේ කෙළවරකටද යන්න බලන්න. ඉඩම සුබ වනුයේ ඉඩමේ මැදට උතුරු දිශාව පතිත වේ නම්ය.
අඩුම වශයෙන් මේ ප්‍රශ්න 10ට නිවැරැදි පිළිතුරු 10 තිබිය යුතුය. මෙහි සඳහන් කර ඇත්තේ අත්‍යවශ්‍යම කරුණු කිහිපයක් පමණය.
ඉඩමක් ගැනීමට ප්‍රථම
මාලිමාවක් මිලදී ගන්න
(1 සටහන)
මාලිමාවේ දිශා හඳුනාගන්න
මාලිමාවේ අංශක 360� පෙන්වනුයේ අංශක 45� බැගින් අයත්වන දිශා (8) අටය. තැඹිලි වර්ණයෙන් ඔබ දකින්නේ අංශක 45 වැටෙන එක දිශාවක්ය. ඉඩම මැදට ගොස් වම් අත උඩ මාලිමාව තබා රතු කටුව ව් අකුරට ව්ධපබඩ නැත්නම් උතුරට එන ලෙස කරකවා ගන්න. ඔබට දැන් දිශාව හඳුනා ගත හැකිය.
සමතලා භූමියක්, උතුරු
දිශාව ඉඩම මැදට විහිදී
ඇති සුබ භූමියකි
(3 සටහන)
උතුරු හා දකුණු දිශා ගත ඉඩම්
හා නැඟෙනහිර හා බටහිර
දිශා ගත ඉඩම් හඳුනාගන්න
(ඒ) උතුරු හා දකුණු දිශාගත ඉඩම - 3, 4, 10, 11, 12, 14
(ඕ) නැඟෙනහිර හා බටහිර දිශාගත ඉඩම - 1, 2, 15, 16, 9
(ඛ්) සමචතුරස්‍රාකාර ඉඩම - 18, 7
(4 සටහන)
ඒ, ඕ, හා ඛ් වලින් පෙන්වන ඉඩම් ඉතාමත් සුබය.
පොළොවේ ඇති
චුම්බක බලය හඳුනාගන්න
පොළොවේ ගන අවකාශයේ මෙම චුම්බක ක්‍ෂේත්‍ර බලය විහිදී ඇත. මෙම ශක්තිය පියවි ඇසට දැකිය නොහැකිය. එනමුත් පොළොවේ උතුරු දිශාවේ සිට දකුණු දිශාව දක්වා මෙය විහිදී ඇත. අපි වාස්තු විද්‍යානුකූලව උතුරු හා දකුණු දිශාගත ඉඩම් සුබ ලෙස හඳුන්වනුයේ මූලිකවම මෙම බලය හා ශක්තිය එහි නියම ආකාරයට විහිදී ඇති නිසාය. ඉඩමේ මැදට උතුරු දිශාව අයත් වේ නම් නිරන්තරයෙන්ම ඉතිරි ප්‍රධාන දිශා 3 වන, නැඟෙනහිර, දකුණ හා බටහිර හරියට පිහිටනු ඇත. ඉඩමේ මුල්ලකට උතුරු දිශාව කැරකී ඇති නම් එම ඉඩම අපි හඳුන්වනුයේ අනු දිශා ගත ඉඩමක් (ච්ඪචඨධදචත ර්ථීතධබ) ලෙසය. මෙම ඉඩමේ නිවෙසක් ඉදිකරන විට ප්‍රධාන ෙදාර දැමීමේදී ප්‍රශ්න ඇතිවෙයි. අනු දිශා ගත ඉඩම් අංශක 15�ට වඩා හැරී ඇත්නම් මිලදී නොගන්න.
විශ්ව ශක්ති අවුල් කරන
අනුදිශා ඉඩම
අනු දිශාගත ඉඩම
(ච්ධ්ඒට්ර්ණීව්ඒඹ් ර්ථීඹ්ර්ණීඊ)
(6 සටහන)
විශ්ව ශක්තිය ඔබගේ නිවෙසට කාන්දු කර ගැනීමට නැත්නම් ආකර්ෂණය කර ගැනීමට අවශ්‍ය නම් කිසිවිටෙක මෙවැනි අනු දිශාගත ඉඩමක් මිලදී නොගන්න. ප්‍රධාන දිශා 4ට ඉඩමේ කොන් 4ට කැරකී ගොස් ඇත. මෙම කැරකී විහිදීම අංශක 45� සිදුවී ඇත. ඉඩම හතරැස් වුණාට දිශා මේ ආකාරයට අනුගත වුවහොත් ඉඩම සුබ නොවේ. බොහෝ අය ඍජුකෝණාස්‍ර හා හතරැස් ඉඩම් දැක්ක ගමන්ම මිලදී ගනී. මිලදී ගැනීමට ප්‍රථම මෙම කරුණු ගැන සිතා බලන්න. මෙහි පෙන්වා ඇති අංක 1 හා 2 සටහන් නොමැතිව පරීක්ෂා කර වෙනස හඳුනාගන්න.
විශ්ව ශක්තිය සහ භූමිය
ලෝකයේ සෑම දෙයක්ම නිර්මිත වී ඇත්තේ පංච මහා භූත යන මූලිකාංග මතය. ආපෝ (ජලය), තේජෝ (ගින්දර), වායෝ (වායුව), පඨවි (පොළොව) සහ ආකාශ (අවකාශය) ජලයට අධිපතිත්වය දරනුයේ උතුර, ඊසාන හා නැඟෙනහිරය. ගින්දරට අධිපතිත්වය දරනුයේ ගිනිකොනය. පොළොවට අධිපතිත්වය නිරිතය. වායුවට වයඹය, මැද ඇත්තේ අහස නැත්නම් අවකාශය. ඔබ මිලදී ගන්නා ඉඩමේ මෙම මූලිකාංගයන් පිහිටා ඇත.
ගෘහමූලිකයාගේ ශක්තිය සහ
වාස්තු පුරුෂ සංකල්පය
(8 සටහන)
මීට පෙර ලිපිවලදී වාස්තු පුරුෂයා යනු හුදෙක්ම සංකල්පයක් පමණක්ම නොවන බව සඳහන් කළ බව ඔබට මතක ඇතැයි සිතමි. මෙම සංකල්පයේ සැඟවී ඇත්තේ ගෘහමූලිකයාගේ සෙවණැල්ල බව අමතක නොකරන්න. ඔබ මිලදී ගන්නා ඉඩම එල් (ඹ්) හැඩැති, ත්‍රිකෝණ හැඩැති, විපාද සහිත, දණ්ඩක් වගේ දිග ඇති ඒවා නොවිය යුතුය. ඍජු කෝණාස්‍රාකාර හෝ සමචතුරස්‍රාකාර ඉඩම් සුබ වෙයි. එසේ නොවන ඉඩමක් මිලදී ගත්තත් උතුර හරියට මැදට තිබේ නම් එම ඉඩම නිවැරැදි කර ගත හැකිය.
ඔබ හඳුනා ගත යුතුම විශ්ව ශක්තිය
වනුයේ නවග්‍රහයන්ගේ පිහිටීමය
(9 සටහන)
ඔබගේ ජීවිතයට ප්‍රබල බලපෑමක් කරනුයේ සෞරග්‍රහ මණ්ඩලයේ සිටින නවග්‍රහයන්ය. මෙම නවග්‍රහයන් ටික නිවෙසටද ඔවුන්ගේ අධිපතිත්වය විහිදවන්නේ ඉහත සඳහන් දිශා ඔස්සේය. මේ අනුව දෙවි දේවතාවරුන්ගේ ශක්තියද මෙම දිශා ඔස්සේ විහිද යනු ඇත.
මෙම ලිපියේ සඳහන් කරුණු සියල්ල ඔබ හොඳට අධ්‍යයනය කළහොත් වාස්තු ශාස්ත්‍රයට අනුව ඉඩමක් මිලදී ගැනීම එතරම් අපහසු නොවනු ඇත. යම් දැනුමක් නොමැතිව ඉඩම් ගැනීමට ගොස් තැරැව්කාරයන්ගේ බොරු බේගල්වලට හසු නොවෙයි. වාසනාවන්ත ඉඩමක් මිලදී ගැනීමට මෙම ලිපිය අත්වැලක් වනු ඇතැයි සිතමි.
දේපළ සම්බන්ධයෙන් අපි කවුරැත් දන්නා-පිළිගන්නා ඔප්පුව
ව්යාජ ඔප්පු හෝ ඔබේ අයිතියට ප්රති විරුද්ධ අයිතීවාසිකම් ඉදිරිපත් කරන්නන්ගේ ඔප්පු හෝ හිමිකම් යටතේ එකම දේපළකට කිහිප දෙනෙකු අයිතිවාසිකම් කීම හෝ පසුකාලීනව ඔබ හිමිකම් කියන දේපළ සදහා වෙනත් පෙළපතකින් තවත් අයෙකු අයිතිවාසිකම් කියන අවස්ථා නැතහොත් ඉඩම් හිමිකම් ව්යාකූල වන අවස්ථා වර්තමාන ඉඩම් නීතිය තුළ පෙනී යනව.
දේපළ සම්බන්ධයෙන් අපි කවුරැත් දන්නා-පිළිගන්නා ඔප්පුව අදාළ ගනුදෙනුව පිළිබඳව පැහැදිළි සාක්ෂියක් වුනත් මෙම ඔප්පු ක්රමය ඉතා සංකීර්ණ වීම නිසා සාමාන්ය ජනතාවට ඔප්පුවක් කියවා තේරුම් ගැනීමට පවා අපහසුයි.ඉඩමේ ප්රමාණ හා මායිම් නිශ්චිතව හඳුනාගෙන නොමැති අවස්ථා වල ආරවුල් ද ඇති වීමට හැකිය. එසේම ඔප්පුවේ අව්යාජත්වය තහවුරු කර ගැනීම ද අපහසුතා ඇති වීමට ඉඩ තිබෙන නිසා ණයක් ගැනීමේදි දහසක් ලියකියවිලි ඉදිරිපත් කරන්න වේවි.
☝ ඔප්පුවකින් සිදුවන්නේ ඉඩම හා බැදුණු ගනුදෙණුවක් සිදුවූවාට සහ එවැනි කටයුත්තක් කිරීමට යමෙකු තුල වූ මානසික අරමුණ වෙනුවෙන් සාක්ෂියක් ලෙස පෙනී සිටිම. ඒනිසා දේපලේ හිමිකම සම්බන්ධයෙන් ඔප්පුවක් සාක්ෂියක් නොවීමටද ඉඩ තියෙනව.ඒ කියන්නේ සද්භාවයෙන් ඉඩමක් මිලදී ගත් තැනැත්තෙකුට පවා පසුව වෙනත් අයෙකු විසින් ඉදිරිපත් කරන ප්රති විරෝධී අයිතිය පෑම මගින් දේපළ හිමිකම අහිමි වීමට හැකියාවක් තියෙනව. මෙයින් කියවෙන්නේ නැහැ 100%ක්ම ඉඩම් අහිමි වීමට ඔප්පු හේතු වෙන බව.
☝ නමුත් අපි දේපළක් මිලදී ගැනීමේදි /අයිතිය කියා පෑමේදි සිදුකරන ඉඩම් කාර්යාල පරීක්ෂාවකින් ඔබ මිලදී ගන්නා ඉඩමට වෙනත් කිසිදු ස්ථානයක හොර ඔප්පුවක් නොමැති බව අදහස් වෙන්නෙ නැහැ. එයින් කියවෙන්නේ ඔබ විසින් ඉදිරිපත් කරන පෙළපත යටතේ ඔබේ දේපළ නිරවුල් වන බව පමණයි. නැතහොත් ඔබේ ගණුදෙනුව ලියාපදිංචි වන බවයි.
මෙවැනි ඔප්පු ලියාපදිංචි කිරීමේ කාර්ය භාරයේ පවතින අඩුපාඩු හෙවත් තාක්ෂණික දෝෂ මග හැරීමට ඉඩම් සංවර්ධන අමාත්යංශය -ඉඩම් හිමිකම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුව, මිනින්දෝරු දෙපාර්තමේන්තුව, ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව සහ රෙජිස්ට්රාර් ජනරාල් දෙපාර්තමේන්තුව සමග එක්ව මුලු ලංකාවේම පවතින භූමිය එකම හිමිකම් සිතියමකට-කැඩැස්තර සිතියමකට(Cadastral Map) ගැනීමෙන් දේපළ හිමිකම් කියන්නන්ගේ දේපළ සදහා ඔප්පු ලියාපදිංචි කරනවා වෙනුවට හිමිකම් ලියාපදංචි කිරීමට "බිම් සවිය වැඩසටහන " ක්රියාත්මක කරන්න මුල්වුණා. මෙයින් ඉඩමේ නිරවුල් බව සුරක්ෂිත කරන වගේම ඉඩමක හිමිකම සම්බන්ධයෙන් නොවරදින විශ්වාසනීයත්වයක් රජයේ අනුග්රහයෙන්ම පිරිනැමීම සිදුවෙනව.
2007 වසරේදී ජාතික වැඩසටහනක් ලෙසින් ආරම්භ කරන ලද බිම් සවිය හෙවත් හිමිකම් ලියාපදිංචි කිරීම 1998 අංක 21දරණ හිමිකම් ලියාපදිංචි කිරීමේ පනත මගින් පාලනය වෙනව. ආරම්භක අවධි ලෙස දැනට හිමිකම් ලියාපදිංචි කිරීම සිදුවෙන්නේ සීමිත ප්රාදේශිය ලේඛම් කොට්ඨාශ කිහිපයක පමණයි. උදාහරණ වශයෙන්-
🔹ගම්පහ දිස්ත්රික්කයේ දිවුලපිටිය ප්රා.ලේ කොට්ඨාශයේ
🔹කොළඹ දිස්ත්රික්කයේ හෝමාගම/මීගොඩ/රත්මලාන/කැස්බෑව ප්රා.ලේ කොට්ඨාශ වල
🔹රත්නපුර දිස්ත්රික්කයේ බලංගොඩ ප්රා .ලේ කොට්ඨාශයේ
🔹මහනුවර දිස්ත්රික්කයේ උඩපලාත ප්රා.ලේ කොට්ඨාශයේ
🔹ගාල්ල දිස්ත්රික්කයේ ගාල්ල කඩවත් සතර ප්රා.ලේ කොට්ඨාශයේ ආදි වශයෙන් දැනට හිමිකම් ලියාපදිංචි කෙරෙමින් පවතීයි. 🔹🔹අනාගතයේදී මෙය ලංකාව පුරා ක්රියාත්මක විමට නියමිතයි🔹🔹
🔹ගම්පහ දිස්ත්රික්කයේ දිවුලපිටිය ප්රා.ලේ කොට්ඨාශයේ
🔹කොළඹ දිස්ත්රික්කයේ හෝමාගම/මීගොඩ/රත්මලාන/කැස්බෑව ප්රා.ලේ කොට්ඨාශ වල
🔹රත්නපුර දිස්ත්රික්කයේ බලංගොඩ ප්රා .ලේ කොට්ඨාශයේ
🔹මහනුවර දිස්ත්රික්කයේ උඩපලාත ප්රා.ලේ කොට්ඨාශයේ
🔹ගාල්ල දිස්ත්රික්කයේ ගාල්ල කඩවත් සතර ප්රා.ලේ කොට්ඨාශයේ ආදි වශයෙන් දැනට හිමිකම් ලියාපදිංචි කෙරෙමින් පවතීයි. 🔹🔹අනාගතයේදී මෙය ලංකාව පුරා ක්රියාත්මක විමට නියමිතයි🔹🔹
හිමිකම් ලියාපදිංචි කිරීමේ පනත යටතේ රජය විසින් ඔබේ ඉඩම මැනීමෙන් පසු එම ඉඩමේ පිහිටීම නිශ්චිතව දක්වන හිමිකම් සහතිකයක් නිකුත් කරනව. ඉඩමක් හිමිකම් ලියාපදිංචි කල පසු අදාල දේපළ සම්බන්ධයෙන් එතෙක් පැවතී ඔප්පු මගින් වන ගණුදෙනු බලරහිත හා නීතිවිරෝධී වන අතර එකී ඉඩම හා සම්බන්ධ පසු ගනුදෙනු සිදු කිරීමට ඔප්පුවකින් පරිබාහිර විශේෂිත වූ සාධන පත්ර ක්රමවේදයක් අනුගමනය කරනව.
ඒ අනුව ඉඩම විකිණීම, පැවරීම, තෑගිදීම, උගස් තැබීම, බදු දීම, කේවියට් තහනම් නිකුත් කිරීම, අතුරු බෙදීම් සිදු කිරීම/ඒකාබද්ධ කිරීම ,සහාධිපත්ය දේපළ ගනුදෙණු යනාදී සියළු පසු ගනුදෙනු පනත මගින් හදුන්වා දුන් පරිදි නීතීඥ/නොතාරිස්වරයෙකු විසින් සහතික කල සාධන පත්ර මගින් සිදු කරනු ලබනව.
☝එවැනි ලියවිල්ලක් සහතික කළ දින සිට දින 07ක් ඇතුළත මුද්දර ගාස්තු ගෙවා අවශ්ය සාධන පත්රය අදාල හිමිකම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයට ඉදිරිපත්කල යුතුයි.
👉ඔබේ ඉඩමත් හිමිකම් ලියාපදිංචියට යටත් දැයි දැනගන්නේ කොහොමද?
☝හිමිකම් ලි. පනත අද ඊයේ ක්රියාත්මක කළත් ඊට අනුශාංගිකව රජය මැදිහත් වී ඉඩම් මැනීම සිදු කර ඇත්තේ 1998 පමණ සිට. ඒ අනුව හිමිකම් නිවැරදි ලෙස පෙන්නා සිටින ලෙස ඒ ඒ අවස්ථාවලදී දේපලේ රැදී සිටි තැනැත්තන් දැනුවත් කර තිබුණා වෙන්න පුලුවන්. ඒ වගේම ගැසට් පතේ පළ කර තිබුණා වෙන්නත් පුලුවන්.ප්රා. ලේකම් කාර්යාලයේ දැන්වීමක් පළ කර තිබුණා වීමටද හැකියි. ඒ කියන්නේ ගෙයින් ගෙටවිත් ඉඩම් මැන්නත් ගෙයින් ගෙට ගොස් හිමිකම් සහතිකය ලබා ගන්නා ආරාධනා කරන්නේ නැහැ.
සාමාන්ය පරිදි ඉඩම පත්ඉරැ පරීක්ෂාවක් කිරීමේදි අවසාන පත් ඉරැවේ "මින් පසු ගණුදෙණු සදහා හිමිකම් අංශයේ.......දරණ වෙලුම හා පත්ඉරුව බලන්න" ආදී වශයෙන් සටහනක් යොදා ඇති. ☝ඔන්න ඊට පස්සේ ඔබේ ඉඩමේ කටයුතු හිමිකම් අංශයෙන් සිදුවිය යුතුයි.
👉ඔබේ ඉඩම් දේපළටත් හිමිකම් සහතිකයක් නිකුත් වී ඇති බවට දැනුවත් වීමෙන් පසු අවසාන ඔප්පුවෙන් අයිතිය ලද පුද්ගලයා විසින් හෝ එවැන්නකු මිය ගොස් ඇතිනම් උරැමකරැවන් විසින් හෝ ඔප්පුවේ මුල්පිටපත,නඩු තීන්දුවක් හෝ අයිතිවාසිකම පෙන්වීය හැකි පිළිගත් ලේඛණයක් , ජාතික හැදුනුම්පත හා මානක සැලසුමක් වේ නම් එය රැගෙන අදාල ප්රා.ලේ කාර්යාලයට හෝ ඉඩම් කාර්යාලයේ හිමිකම් අංශය වෙත ගොස් දේපළට අදාල හිමිකම් සහතිකය ලබා ගත යුතුයි.
හිමිකම විකිණිමක් හෝ තෑගි කර පවරා දීමකදි පෙර ලබා දුන් හිමිකම් සහතිකය අහෝසි වී නව සහතිකයක් ලැබෙන අතර උකසක්,බදු දීමක් වැනි අනුශාංගික කටයුතු වලදී හිමිකම් සහතිකයේ පසුපිට ඒ පිළිබදව සටහනක් යොදනු ඇති.
☝මෙය අලුත් මුහුණුවරක් වන හෙයින් ඔබේ හිමිකම් සහතිකයේ ප්රමාණ ගැන හෝ අයිතිවාසිකම් දැක්වීම ,මායිම් ඒකාබද්ධ වීම් වැනි ගැටලු පවතින්න පුලුවන් බවත් මතක් කරනව. එවැනි ගැටලුවක් වෙතොත් වහාම හිමිකම් අංශයට ගොස් එය නිරාකරණය කර ගැනීමට හැකියි ඔබටම.
☝කෙසේ වෙතත් කැඩැස්තර සිතියම්ගත ව හිමිකම් සහතිකයක් නිකුත් වූ ඉඩමකට හිමිකම් අංශයේ අවසරයෙන් තොරව මිනින්දෝරුවකු ලවා නැවත මැනීම ඒකාබද්ධ කිරීම නෛතික නැහැ. පිළිගත් මිනින්දෝරැවරයෙකු ලවා එවැනි කටයුත්තක් කිරීමට හිමිකම් අංශයේ අවසරය ලබා ගත යුතුයි.
🔴 පළාත් පාලන ආයතන විසින් සැලසුම් අනුමත කිරීමේදී හිමිකම් සහතික ගැන දැනුම අඩු නිසා යම් යම් ගැටලු මතු කරන බැවින් බොහෝ දෙනෙකු මානකවරැන් ලවා හිමිකම් අංශයේ අවසරයක් නැතිව පිඹුරුපත් අදින බව පෙනී යනව.එමගින් සිදුවන්නේ රජයේ මැදිහත් වීමෙන් නිරාකරණය කරදුන් ඉඩම නැවත ගැටලුකාරී තත්වයකට විහින් ඇදදමා ගැනීමක් පමණයි. එබැවින් හිමිකම් පනත යටතේ හිමිකම් අංශයේ අවසරය ලබා ගෙන ඉඩම් නැවත මැනීම් ආදිය සිදු කිරීම ඔබේ සියලු අනාගත අවශ්ය සදහා සුදුසුයි.
ඉඩමක් පිළිබද හිමිකම් අංශයට විසදිය නොහැකි ගැටලුවක් වේ නම් එය දිසා අධිකරණයට යොමු කිරීම සිදු කරනව. ඒ වගේම ඇසෙමින් පවතින බෙදුම් නඩු වැනි නොබෙදු දේපළ ගැටලු විසදෙන තෙක් හිමිකම් සහතික නිකුත් කරන්නේ නැහැ. රාජ්ය ප්රදාන පත්ර පවා හිමිකම් ලියාපදිංචියට අනුකූල නමුත් දීමනාපත්රයේ කොන්දේසි දිගින් දිගටම බලපැවැත්තෙනව.
😊😊ලංකාව දැන් දැන් ලෝකයේ දියුණු රටවල් අනුගමනය කරන තාක්ෂණික ක්රමවේද අපේ නීතිය තුළට ඔබ්බවා ගැනීමට උත්සහ කරනව. මෙමගින් ඉඩම් හිමියන්ට හා රටට වන්නාවූ වාසිය සුලුපටු නැහැ.ඔබේ ඉඩම දවසක කැඩැස්තර සිතියමට අසුවෙනව..ඒ කියන්නේ ඔබේ ඉඩමේ මායිම් මත තවත් අයෙකුගේ මායිම් පවතින්නේ නැහැ.ඔබේ හිමිකම කිසිවෙකුට ප්රශ්න කරන්න බැහැ. අප රටේ සෑම බිම් අඟලකම පූර්ණ දත්ත එකතුවක් රජය සතු වේවි. පූර්ණ පරිගණකගත තොරතුරු පද්ධතියක් මගින් රටේ සංවර්ධන ව්යාපෘති ක්රියාත්මක කිරීමේදී වඩාත් සුදුසු පරිසරය තෝරා ගැනීමට මෙය ඉවහල් වෙනව. ඉඩම් ගනුදෙනු සම්බන්ධ විශ්වාසය නිසා ඉඩම් වෙළඳපොල සක්රිය වීමෙන් බැංකු හා මූල්ය ආයතනයන්ට පවා ඉඩම් මත සිදු කරන සිය ගනුදෙනු වල අවදානම අවම වී අවුරැදු ගණන් පරන ඉතිහාස නොසොයා හිමිකම් සහතික පත මත පමණක් ණය ලබා දීමට හැකියාව ලැබීමෙන් ඔබේත් මගේත් පුද්ගල සංවර්ධනයට වගේම රටේම සමස්ත සංවර්ධනයට මේ කියන හිමිකම් ලියාපදිංචිය මහත් රුකුලක් වීමට නියමිතයි..👌👌
👉👉ඉතින් සේනාධිපති හෝම්ස් & කන්ස්ට්රක්ශන් අපිත් බලන් ඉන්නේ අපේ ගමටත් බිම් සවිය පැමිණෙන තුරු. හොද දේවල් පිළිගන්න -විශ්වාස කරන්න දෙපාරක් හිතන්නෙ මොකටද 😊😊😊
____සේනාධිපති හෝම්ස් & කන්ස්ට්රක්ශන් වෙනුවෙන් සැකසීම සහ නීතිමය උපදෙස් ශ්රේෂ්ඨාධිකරණ නීතිඥ චතුරංගි මහේෂි විසිනි___
____සේනාධිපති හෝම්ස් & කන්ස්ට්රක්ශන් වෙනුවෙන් සැකසීම සහ නීතිමය උපදෙස් ශ්රේෂ්ඨාධිකරණ නීතිඥ චතුරංගි මහේෂි විසිනි___
Subscribe to:
Comments (Atom)
ඉඩමක් ගන්න කලින් මේ ගැනත් සිතන්න නිවසකට කිරි උතුරනවා වගේ හරියන්න ඉඩමේ හැඩයත් බලපානවාද?
ස්තු විද්‍යාව විද්‍යාත්මක විෂයක් ලෙසින් ප්‍රචලිතව ජනතාව වැලඳගෙන සිටියද, එය බොහෝ දෙනා ජීවිතයට අත්වැලක් කර ගැනීමේදී බොහෝ අඩුපාඩු සහිතව ඒවා ජ...